පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ (tune up) දන්සැලක් අද සහ හෙට (20දා) නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්වෙයි.

ඊටශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම මෝටර් රථ අලුත්වැඩියා කරන්නන් යොදාගෙන මෙම දන්සල පවත්වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පවසයි.

මෙහිදී යතුරුපැදි, ත්‍රීරෝද රථ නොමිලේ සුසර කරදීම සිදු කෙරෙනු ලැබේ.