ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක්

ඉන්දියන් සාගරයේ මාලදිවයින ආසන්නයේ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නිවේදනය කරනවා.

එහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම භූ කම්පන මගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි සඳහන් වන්නේ.