උසාවි භූමියේ තිබූ මෝටර් රථයේ කෑලි ගලවලා

0

නඩු භාණ්ඩයක් වශයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නතර කර තිබූ මෝටර් රථයක උපාංග කිසිවකු විසින් ගලවාගෙන ගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

ගලවාගෙන ගිය භාණ්ඩවල වටිනා කම රුපියල් 938,000 පමණ වන බව ද  පොලිසිය පවසයි.

මෝටර් රථයේ අයිතිකරු වන නාරම්මල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු මේ බව කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

උපාංග සොරාගෙන ගිය පුද්ගලයා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *