‘සිනොපෙක්’ වැඩ අරඹයි

0

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර ව්‍යාපාර කිරීම සඳහා චීනයේ ‘සිනොපෙක්’ සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට අස්සන් තැබීය.

එම ගිවිසුමට අනුව ‘සිනොපෙක්’ සමාගම ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අළෙවිය ඇතුළු ඛනිජ තෙල් ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කිරීමට නියමිතය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් පවත්වාගෙන ගිය පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150 ක් සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් මෙම ව්‍යාපෘතිය යටතේ ‘සිනොපෙක්’ සමාගමේ පාලනය යටත් වේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ ‘සිනොපෙක්’ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල තීරණය කිරීමේ බලය ද බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *