බඩ ඉරිඟු ආනයන බදු පහළට

බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද මෙතෙක්  පැවැතුණේ රුපියල් 75 ක් ලෙසය.

මේ අනුව බඩ ඉරිගු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 25 ක් දක්වා අඩු වනු ඇත.

බඩ ඉරිඟු සහ යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ව ආහාර මිල අඩු කිරීමේ අරමුණෙන් බඩ ඉරිඟු ආනයන බදු මෙසේ අඩු කළ බවද මුදල් රාජ්‍ය  අමාත්‍යවරයා කීවේය.