‘වසත් සිරිය – 2024’ හෙට

0

“වසත් සිරිය – 2024” අලුත් අවුරුදු උත්සවය ගාලුමු‍වදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී හෙට(27) පැවැත් වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබ සාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව මෙය සංවිධාන කර තිබේ.

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමඟ රට පුරා ජනතාව මහත් උද්‍යෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පාපැදි සවාරිය සඳහා දැනටමත් අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.

විවිධ පළාත් නියෝජනය කරමින් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල තරුණ තරුණියන් ද මේ සඳහා ඉදිරිපත්වී තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *