විදෙස් නියෝජිතයෝ කන්දඋඩරට සිරිය නරඹති

විදේශ රටවල් 18ක තානාපතිවරු ඇතුලු 49ක දූත පිරිසක් රැගත් විශේෂ දුම්රිය  (2) පස්වරුවේ ඓතිහාසික දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වූහ .

මෙම දුම්රියේ විදේශ රටවල් කීපයක විදේශ තානාපතිවරු කණ්ඩායමක් සිටි අතර , ඔවුන් නානුඔය දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බැස දැඩි ආරක්ෂාව යටතේ විශේෂ බස්රථවලින් නුවරඑළිය බලා පිටත්ව ගියහ .

මෙම පිරිස ඇල්ජින් දියඇල්ල, පට්ටිපොළ දුම්රිය මාර්ගයේ උසම ස්ථානය (සමීට් ලෙවල්) , අංක 18 දුම්රිය බිංගෙය අවට නැරඹුම් ස්ථානය , ඉදල්ගස්හින්න දුම්රිය හුලං කපොල්ල , ඇල්ල දුම්රිය ස්ථානය , ඇල්ල ආරුක්කු නවය (අහස්නවය ආරුක්කු පාලම ) පාලම , නරඹමින් ඓතිහාසික දෙමෝදර දුම්රිය ස්ථානය නැරඹූහ.