ලෝක පාසල් චෙස් ශූරතාවලිය ශ්‍රී ලංකාවට පදක්කම් 4ක්

0

ලෝක පාසල් චෙස් තරගාවලියේ වේගී සහ අධිවේගී චෙස් අංශයන්ගෙන් පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඊට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළත් විය. එහිදී සෙනුත් තෙව්සස් පෙරේරා (රත්මලාන ගේට්වේ පාසල) ක්‍රීඩකයන් 35 දෙනෙක් අබිබවමින් ලෝක පාසල් අවුරුදු 9න් පහළ විවෘත අධිවේගී ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර, ක්‍රීඩකයන් 48ක් අතරින් වේගී අංශයේ අවුරුදු 9න් පහළ විවෘත තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් විය.

නවිඳු බණ්ඩාර (කොළඹ ආනන්ද විදුහල) ක්‍රීඩකයන් 24 දෙනකු අතරින් ලෝක පාසල් අවුරුදු 7න් පහළ විවෘත වේගී චෙස් ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් අතර, විනුති සියංසා මීගොඩ (හොරයිසන් ජාත්‍යන්තර පාසල) ලෝක පාසල් අවුරුදු 7න් පහළ බාලිකා වේගී ඉසව්වේ ක්‍රීඩිකාවන් 11 දෙනෙකුට අතරින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *