යාල-කුමන මාර්ග පාද වන්ද­නා­වේ පැමි‍ෙණන බැති­ම­තුන්ට විවෘත වේ

වන ජීවී දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඊයේ (30) උදෑ­සන 6.00 සිට කත­ර­ගම ඇසළ මංග­ල්‍ය­යට උතුරු සහ නැඟෙ­න­හිර සිට පාද වන්ද­නා­වෙන් පැමි­ණෙන බැති­ම­තුන්ට කුමන ජාතික වන උද්‍යා­නය සහ යාල වන උද්‍යා­නය ඔස්සේ ගමන් අව­ස­රය දෙන ලදී. ප්‍රථම බැති­ම­තුන් කණ්ඩා­ය­මට 2300කට ආසන්න පිරි­සක් එක්ව සිටියහ.

මේ අව­ස්ථා­වට නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන්, රාජ්‍ය ආර­ක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන් සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේ­ගු­ණ­සේ­කර මහ­ත්වරු එක් වූහ.