අනතුරට පත්වී සිටි රොහින්ග්‍යා සංක්‍රමණිකයන් 69ක් බේරාගැනේ

0

යාත්‍රාවක් පෙරළී අනතුරට පත්වී සිටි රොහින්ග්‍යා වැසියන් 69 දෙනෙකු අව්වේ පිළිස්සී විජලනය වී සිටියදී අචේ වෙරළට ඔබ්බෙන් ඊයේ(21) ඉන්දුනීසියානු ගලවාගැනීමේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

එරට ගලවා ගැනීමේ ඒජන්සිය පවසන්නේ එම සංක්‍රමණිකයන් අතර ළමයින් නව දෙනෙකු, කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 42 දෙනෙකු එහි සිටි බවයි.

එමෙන්ම අනතුරට පත්වූ නෞකාවේ සිටි තවත් 80 ක් පමණ ගසාගෙන ගොස් ඇති බව විශ්වාස කරන අතර ඔවුන් මියගොස් ඇති බවට සැක පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වන්නේ.

දිවි ගලවා ගත් අය පවසන්නේ ඔවුන් ලී බෝට්ටුවක මාසයක පමණ කාලයක් මුහුදේ සිටි බවයි.

මේ අතර සෑම වසරකම දහස් ගණන් රෝහින්ග්‍යාවරු මැලේසියාවට හෝ ඉන්දුනීසියාවට අනතුරුදායක මුහුදු ගමන් මගින් සංක්‍රමණය වීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *