අනුර එනකොට මොනවද අරන් ආවේ?

0

මේ ටිකේ පට්ට ගහපු කතාව වාමාංශික ජවිපෙ නායකයාගේ ඉන්දියානු සංචාරය. ඒ ගැන එක එක්කෙනා කරන එක එක කතා ගොඩක් තිබුණා. මේකත් එහෙම එක කතාවක් වෙන්න පුළුවන්.
අනුරගේ පාක්ෂිකයන් කියන විදිහට එයාට ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික කැඳවීමක් ලැබුනේ එයා මීලඟ ජනාධිපති වෙනවා කියලා ටක්කටෙම දැනගෙන කියලයි කියන්නෙ. එහෙනම් අනුර මේ ගමන යන්න ඇත්තෙත් රට නියෝජනය කරන නායකයෙක් විදිහට කියන එක මඟ අරින්න බැහැ. කොහොමත් ඉන්දියාව අනුරව හැඳින්වුවෙත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආපු නායකයෙන් විදිහට. රාජ්‍යතාන්ත්‍රික වැඩ එහෙම තමයි.
ඉතිං රටක් නියෝජනය කරනවා කියන එක දඹදිව වන්දනාවේ ගිහින් එනවා වගේ වැඩක් නෙවෙයි. වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා.
ඒවා එක්ක අනුරගෙන් අහන්න වෙනවා, අනුර මොනවද ඔයා ඉන්දියාවට දීලා ආවේ රට වෙනුවෙන්? රටට මොනව හරි දෙයක් අරගෙන ආවාද? මොනව හරි දෙයක් කියලද ආවේ, නැතිනම් අහගෙනද ආවේ? ඇති වෙච්ච එකඟතා මොනවද නොඑකඟතා මොනවද? ඒවා රටට බලපාන්නේ කොහොමද? වගේ වැදගත් ප්‍රශ්න තොගයක් තියෙනවා. මේවාට අනුර උත්තර දෙන්න ඕන. මොකද දන්නවද ඒ අනුරලා වෙන කවුරු හරි නායකයෙක් රට ගිහින් ආවම එහෙම ප්‍රශ්න කරන නිසා නෙවෙයි. කුප්පකමට එහෙම කරන්න පුළුවන්.
ඒත් කතා කරන්න හිතුවේ රටක් රාජ්‍යයක් නියෝජනය කරන රාජ්‍ය නායකයෙක් හෝ වේවා වෙනත් දේශපාලන නායකයෙක් හෝ වේවා රටක් නියෝජනය කරනවා නම් එතනදී වෙන්නේ මොනවද කියන එක ගැන.
සාමාන්‍යයෙන් දේශපාලන නායකයකුට තියෙන ජාත්‍යන්තර සම්බන්ධතා, නැත්නම් එයාගේ රාජ්‍යතාන්ත්‍රික භාවයත් රටක ගොඩනැගුමට විශාල බලපෑමක් සිදු කරනවා. අද ජනාධිපති රනිල්ගේ රාජ්‍යතාන්ත්‍රික බව රටේ අර්බුද විසඳන්න ලොකු උදව්වක් වුණා කියන එක නොපිළිගෙන ඉන්න කාටවත් බැහැ. මොකද ඒක ඇත්ත. ඒ වගේම එයා ගෝලීය ගැටළු නිරාකරණයටත් කරන මැදිහත්වීම ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා කියලා එයා ගිය ජාත්‍යන්තර සමුළුවලදී සෑහෙන අවධාරණය වෙලා තිබුණා. ඊයේ පෙරේදා තිබ්බ ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනයේ දී එයා කියපු දේවල් බැලු‍වාම ඒ ගැන එයාගේ විශේෂඥ බව ලෝකයේ කිසිම නායකයකුට අළගු තියන්න බැරි තරම් උසස් වගේම තීරණාත්මකයි කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් නියම රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක් කියන්නේ ඇත්තටම එහෙම කෙනෙකුට.
කොහොම වුණත් රටක කවුරු හරි නායකයෙක් ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වනවා නම්, රට නියෝජනය කරමින් ජාතන්තරයට යනවා නම් රට වෙනුවෙන් ඉ‍ටු විය යුතු වැදගත් කාර්යභාරයක් නිශ්චිතවම එයාට පැවරෙනවා.
මේවා වෙනත් රටවල නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන එකක් කරන කතාබහ, ජාත්‍යන්තර සංසදවලට සහභාගීවීම, රාජ්‍ය තාන්ත්‍රික සංචාර වගේ සරළ තැනකින් ගන්න බැහැ.
රටේ විදේශ ප්‍රතිපත්තිය හදාගන්න, ගෝලීය වේදිකාවේ රටේ වුවමණාවන් නියෝජනය කරන එක මේ ජාත්‍යන්තර සබඳතාවලදී තීරණාත්මකයි. මොකද රටේ නායකයාගේ ක්‍රියාකාරිත්වය සහ තීරණ රටේ ආර්ථිකයට, රටේ ආරක්ෂාවට වගේම ලෝකයේ සමස්ත ස්ථාවරයන් දැනෙන බලපෑමක් ඇති කරන්න පුළුවන් නිසා.
රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගැනීම, වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව හදාගන්න එක, ආයෝජන ගෙන්වා ගැනීම හරි ඒවට ඒ රටවල අවස්ථාව හදාගන්න එක, වෙළඳ ගිවිසුම් සාකච්ඡා කිරීම සහ ආරවුල් නිරාකරණය, තීරුබදු, විදේශ වෙළඳපලට ඇතුළත්වීමේ බාධක ඉවත් කරගැනීම වගේ කාරණාවලදී රටක සහ නායකයාගේ දේශපාලන මතවාදය, ආර්ථික අවශ්‍යතා, ආරක්‍ෂක අවශ්‍යතා සහ ඓතිහාසික බැඳීම් වැනි සාදකත් බලපනවා. ඒවා අනුව මේ වැඩවල සාර්ථකත්වය තීරණය වෙන්න පු`ළුවන්.
බහුපාර්ශ්වික සම්බන්ධතාවලදීත් අනෙකුත් නායකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න සිදුවෙනවා. දේශගුණික විපර්යාස, ත්‍රස්තවාදය, මානව හිමිකම්, සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම වගේ ගෝලීය අභියෝගවලට මුහුණ දෙන්න, පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. රටේත් කලාපීය ස්ථාවරත්වය දියුණු කරගන්න රාජ්‍ය නායකයන්ට වෙනත් රටවල් එක්ක ආරක්‍ෂක සහ ආරක්‍ෂක සහයෝගීතාවයන් හදාගන්න වෙනවා.
ලෝකයේ ජාතීන් අතර ගැටුම් නිරාකරණය කරන්න අතරමැදියකු විදිහට මැදිහත් වෙන එක, සාම සාකච්ඡාවලට පහසුකම් හදලා දෙන එක, සාමකාමී යෝජනා ගෙන එන්න කරන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්ට සහයෝගය දෙන එක, ජාත්‍යන්තර මානුෂීය ආධාර වැඩසටහන්වලට සහය වෙන එකත් මේ රාජ්‍ය තාන්ත්‍රික බවේ දියුණුම ලක්ෂණයක්. අනුන්ගේ ප්‍රශ්න අපිට මොකද අපිට අපේ ඒවා විසඳගන්න එකයි වැදගත් කියල කියන එකම පට්ට ගෝත්‍රික අදහසක්.
කොහොම වුණත් රටක නායකයෙකුගේ ජාත්‍යන්තර සබඳතාවල, රාජ්‍ය තාන්ත්‍රිකභාවයට නායකයාගේ පෞද්ගලික විශ්වාසයන්, මනාපයන්, නායකත්ව ශෛලීන් මේ සබඳතාවල ප්‍රමුඛතාවයන්ට බලපානවා.
සමහර නායකයින් තමන්ගේ පුද්ගලික ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගන්න නැතිනම් සෘජුව රට වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලීමට ප්‍රමුඛත්වය දෙන්න පුළුවන්. තවත් සමහරු ආයතනික රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ බහුපාර්ශ්වික බැඳීම් අවධාරණය කරන්න පුළුවන්. මේ නිසා පුද්ගලික වටිනාකම්, මතවාදයන්, රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයන් ජාත්‍යන්තර සබඳතා සඳහා නායකයෙකුගේ මැදිහත්වීම තීරණය කරනවා.
ඒ වගේම වෙනස්වන භූ දේශපාලනික තත්වයන්, නැගී එන ගෝලීය ගැටළු, නායකයෙකුගේ ප්‍රමුඛතා හරි දේශීය දේශපාලන වර්ධනයන් වගේ දේවලුත් ජාත්‍යන්තර සබඳතාවල හැඩය වෙනස් කරන්නත් බලපාන්න පුළුවන්.
මේ වගේ කාරණා එක්ක අනුරගේ ඉන්දියාවේ ගිහින් අරගෙන ආවේ මොනවද කියලා අහන එක කුප්ප වැඩක් නෙවෙයි.

………ලොකූ…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *