අභ්‍යවකාශය නිරායුධ කිරීමට රුසියාවේ විරෝධය

0

අභ්‍යවකාශය තුළ ලොව සියලු රටවල් අතර අවි තරගයක් ඇති වීම වැළක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් රුසියාව විසින් පෙරේදා (24දා) නිෂේධ බලය යොදාගෙන අවහිර කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන ඇමෙරිකා එක්සත් ජනපදය හා ජපානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මෙසේ රුසියාව විසින් නිෂේධ බලය යොදාගෙන සම්මත වීම වළක්වා ඇති අතර ඡන්දය විමසන අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තවත් නිත්‍ය සාමාජික රටක් වන චීනය ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ. මෙහිදී මෙම යෝජනා කෙටුම්පත සම්බන්ධ ඡන්ද විමසීමේදී ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් 13 දෙනකු එයට පක්ෂව ඡන්දය භාවිත කර තිබේ. කෙසේ වුවද නීතියට අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනාගෙන් එක් අයකු නිෂේධ බලය භාවිත කරමින් යෝජනාවකට විරුද්ධ වුවහොත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවහිර වුවා සේ සැළකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *