අලුතෙන් කලිසමක් මහගන්න වෙයිද?

0

මීට අවුරුදු දෙකකට කළින් රට බංකලොත් වෙලා තිබුණ විදිහට කවුරුත් හිතුවේ ඉක්මනටම බඩ පොත්ත පිට පොත්තට ඇළිලා කලිසම ගැට ගහගෙන ඉන්න වෙයි කියලා. මොකද බදු ගහලා, පඩි කපලා, විදුලි ගාස්තු තෙල් ගාස්තු අනම් මනම් ඔක්කොම වැඩි වෙලා පාන් කියා ගන්න බැරි තැනට රට වැටෙයි කියලා සමහරු ගණන් හැදුවා. පාන් ගෙඩියක් ගන්න විල්බැරෝවක් පුරවලා සල්ලි ගෙනියන්න වෙයි කියලා, බැංකු කඩා වැටෙනකම් බලන් හිටපු විපක්ෂයකුත් රටේ තිබුණා.
ෂඵත්‍ එක වුණත් හිතුවේ තමන්ගේ වැඩපිළිවෙලට ගියත් වැඩේ ගොඩදාන්න සෑහෙන කාලයක් යයි කියල. මොකද ඒ ගොල්ලනගේ ජාත්‍යන්තර අත්දැකීම් එකක් බැලුවාම මෙහෙම කඩා වැටිලා බංකොලොත් වෙච්ච රටක් අවුරුදු 10කට වත් ගොඩ ඇවිල්ල නැති නිසා.
යාන්තම් කලිසම වැටෙන්නෙ නැතුව තියාගන්න පුළුවන් ඉලක්ක තමයි ෂඵත්‍ එක දුන්නේ. ඒ දුන්නට ඒවත් එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලත් ඒ අය දැනගෙන හිටියා. ඒ නිසා තමයි අවුරුදු ගණන් දිග ඇදෙන්න අදියරෙන් අදියරයට ඉලක්ක හදලා දුන්නේ. ඒත් හිටියේ ලොකු සැකයකින්. විටින් විට ඇවිල්ල වර්ධනයන්, අඩු පාඩු හොයලා බලල යන්නේ ඒකයි. විපක්ෂයත් එක්ක කතා කර කර මේවා කඩාකප්පල් කරලා පිස්සු කෙළින්න එපා කියලා අවවාද අනුශාසනා උපදෙස් දෙන්නේ ඒකයි.
ඒත් දැන් තත්වේ වෙනස්. කවුරුවත් බලාපොරොත්තු නොවුණ විදිහට ෂඵත්‍ ඉලක්ක පහු කළා. එයාලා ගණන් හැදුවේ 2023 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සියයට සෘණ 3.0 (-3ග0්‍ර)කට ගන්න. 2022 තිබුනේ සෘණ 9.0 ආසන්නයේ. 2023 අවුරුද්දේ තුන් වෙනි කාර්තුවේදී දළ දේශිය නිෂ්පාදනයේ වර්ධනය 1.6ක් කරගන්න රජය සමත් වුණා. 4 වෙනි කාර්තුවේදි ඒක 4.5 ක් වුණා. බලාපොරොත්ත වෙච්ච සෘණ 3.0 ඉක්මවලා, ඒක සෘණ 2.3 (-2ග3්‍ර)කට අඩු කරගෙන තියෙනවා.
ෂඵත්‍ එක 2024 දී බලාපොරොත්තු වන්නේ සියයට 1.5ක වර්ධනයක්. ඒත් මේ සිද්ධ වෙන වර්ධනයත් එක්ක මේ අවුරුද්දේ දී ඒක සියයට 2 ඉක්මවන්න පුළුවන් කියන පුරෝකථනය ගැන විශ්වාසය තියෙන්න පුළුවන්.
අනික මේ වෙන කොට ඒ වර්ධනයන් තවත් වැඩි වෙලා කියන එක සහතිකයි. මොකද ගිය අවුරුද්දදෙත් රටට ජනතාවට දරන්න වුණ පීඩනයන් වේගයෙන් අවසන් වෙමින් තියෙනවා කියලා දැන් හොඳටම දැනෙන නිසා.
ෂඵත්‍ එක දුන්න ඉලක්කවල හැටියට අඩුම තරමින් 2019 තිබුණු තත්වයට එන්නත් 2027 වෙනකම් මේ පාරෙම ගිහින් වැඩ කරන්න වෙලා තිබුණත්, දැන් ජනාධිති රනිල් ඊයේ පෙරේදා දවසක කිව්වා වගේ අවුරුදු 2ක් යනකොට අපිට එතැනට එන්න පුළුවන්කම තියෙනවා. ඒත් මේ වර්ධන වේගය අනුව හිතුවට කළින් 2019 තිබුන ගාණට එන්න පුළුවන්කමත් පෙන්නලා තියෙනවා. හැබැයි මේ කරමින් යන ආර්ථික විප්ලවය ඒ විදිහටම ඉදිරියට ඇදෙන්න ඕන.
විපක්ෂයේ අය කියන විදිහට එයාලා බලයට ආවාම මේ ෂඵත්‍ කොන්දේසි වෙනස් කරලා, ආර්ථික ප්‍රතිසංස්කරණයන් ආපසු හරවලා පිස්සු කෙළින්න ගත්තොත්, රට ඇද වැටෙන්නේ තිබුණු බංකොලොත් තැනටම තමයි. ඒක නවත්තන්න බැහැ.
2022 සැප්තැම්බරයේ සියයට 70ක් විතර වෙලා තිබුණ උද්ධමනය දැන් 5කට අඩුකරගෙන තියෙනවා. ෂඵත්‍ ඉලකක්ය වුනේ 2025/26 වගේ වෙයි කියලා. ඩොලරයේ අගය රුපියල් 300ට අඩු කරගෙන තියෙනවා. ඩොලර් ආදායම් වේගයෙන් වැඩි කරගනිමින් තියෙනවා. විශේෂයෙන්ම සංචාර කර්මාන්තය වේගවත් වර්ධනයත් අත්පත් කරගෙන තියෙන්නේ. විදේශ ප්‍රේශණ දිගටම වර්ධනය වෙනවා. ලෝක අර්බුද නිසා ඇඟළුම් වැනි ක්ෂේත්‍රවල යම් පසුබෑමත් තිබුණත් ඒවාට විකල්පව අපනයන ක්ෂේත්‍ර ගණනාවක්ම ඉහළ වර්ධනයන් අත්පත් කරගනිමින් තියෙනවා.
ඒ අස්සේ ජනතාවගේ ආර්ථික පීඩනයන් වලක්වලා, ඔවුන්ව නැවත් රටේ ආර්ථිකයට බද්ධ කරන්න අවශ්‍ය පියවර රැසක්ම දැන් ක්‍රියාත්මකව තියෙනවා. අස්වැසුම දෙනවා ලක්ෂ 24ක් පවුල්වලට, ලක්ෂ 22කට උරුමය මඟින් ඉඩම් අයිතිය ලැබෙනවා, විමධ්‍යගත අරමුදල් මඟින් දිස්ත්‍රික්ක 25ම ආවරණය කරලා අත්‍යාවශ්‍ය සංවර්ධව වැඩ පටන් ගත්තා. කඳුකර දශකය මඟින් දිස්ත්‍රික් 11ක විශේෂ සංවර්ධන වැඩ පටන් ගත්තා. කෘෂි නවීකරණයට මුදල් යොදවලා නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට දේවල් කරමින් යනවා. ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් අරමුණු කරගෙන වේගවත් ක්‍රියාමාර්ගවලට මුලික දේවල් පටන් අරගෙන. මේවගේ විශාල වපසරියක් ආවරණය කරන මේ හැම දෙයකින්ම අලුත් ආර්ථිකයක්
ගොඩනැඟීමේ හැකියාව ලැබෙනවා. මේවාට වෙන් කරන බිලියන් ගණන් මුදල් අපතේ යෑමක් වෙන්නේ නැහැ. මොකද සියල්ල යම් සැලසුමක් අනුව අරමුණක් ඇතිව වංචා දුෂණ අකාර්යක්ෂමතා නැතිව තිතට කෙරෙන නිසා. මේ මුදල් සියල්ල නැවත රටේ ආර්ථිකයට එකතු වෙන්නේ ඩබල් ත්‍රිබල් වෙලා.
ඒ විතරක් නෙවෙයි මේ වසර මැද වෙන කොට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක වුණාට පස්සේ විදේශ ආයෝජන සහ විදේශ ආධාර ලබා ගැනීමේ පුළුවන්කම ලැබෙනවා. ඒක ආර්ථිකයේ ලෙකු පිම්මක් පැනීමක්.
මේ සියල්ල සාර්ථකව සිදුවෙමින් තියෙන කොට කඩා හැලෙන කලිසම් ඇඟට තද වැඩි වෙන්නත් පුළුවන්. අලුතින් කලිසම් මහන්න වෙන ගාණට ආර්ථිකය එන ලකුණු තියෙනවා.
හැබැයි අමතක කරන එපා… රට එතැනට අරගෙන එන්න පැය විසිහතරම රනිල් වැඩ කළේ කලිසම අමතක කරල කියන එක. හැම මනුස්සයාගෙම බඩ ගැන හිතුවා. ආදායම් මාර්ග ගැන හිතුවා. කාගෙවත් රෙදි ගැලවිලා වැටෙන්න ඉඩ තිබ්බේ නැහැ. විපක්ෂය විතරයි රෙදි ගලව ගත්තේ, ඒ තියෙන මෝඩ කමට, කුහක කමට.
මොනවා වුණත් තව අවුරුදු තුනකින්වත් රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන හිටියට වඩා හොඳ සමාජ ආර්ථික තත්වයක් ගොඩනඟාගෙන වේගවත් සංවර්ධන යුගයකට යන්න නම් මේ පුංචි කඩඉම් කාලය පරිස්සමෙන් සීරුවට පනින්නම වෙනවා. නැතිනම් රෙදි නැතුව ඉන්න වෙනනේ කාට කාටත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *