ආ… සුබ ‍උපන් දිනයක් අනාගත විපක්ෂ නායක තුමා!

0

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ලබන වසරේදී  ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවත්වන බව අයවැය යෝජනා ඉදිරිපත් කරන්න පටන් ගනිද්දිම පාර්ලිමේන්තුවේදී කියනවා. හැබැයි කලින් පවත්වන්නේ මොන මැතිවරණය ද කියලා කිව්වේ නැහැ. ඒත් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ තියන්නේ ඊටත් පස්සේ කියලා කිව්වා.

කලින් ජනාධිපතිවරණය පැවැත්වුවොත් ඒක දිනන පක්ෂයට මහමැතිවරණයේ දී බහුතර බලය යනවා. කලින් මහමැතිවරණය පවත්වලා ආණ්ඩුවක් හැදුවොත් ඒ එක්කම පවත්වන ජනාධිපතිවරණයෙන් ඒ කණ්ඩායම ඉදිරිපත් කරන් අපේක්ෂකයා දිනනවා. මේක තමයි, සාමාන්‍යයෙන් මේ රටේ මැතිවරණ සම්ප‍්‍රදාය තුළ ලැබෙන ප‍්‍රතිඵලය. අනෙක් පොඩි මැතිවරණවල ප‍්‍රතිඵලයත් මේ එක්කම සමගාමී වෙනවා.

කොහොම හරි කලින් ජනාධිපතිවරණය පැවැත්වුණොත් ජනාධිපති අපේක්ෂකයා විදිහට රනිල් ඉදිරිපත් වෙන්නේ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයෙන් රට බේරගත්ත නායකයා විදිහට. හරියට මහින්ද යුද්දෙ දිනල යුද්දෙ දිනපු නායකයා විදිහට ඡුන්දෙට ගියා වගේ.. හැබැයි ඊටත් ඉහළින්. ප‍්‍රතිඵලය පැහැදිලියි.

මහමැතිවරණයක් කලින් පැවැත්වුණොත් කාටවත් බහුතර බලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා තනියම කිසිම පක්ෂයකට ආණ්ඩුවක් හදන්න බැහැ. හවුල් ආණ්ඩුවකට යන්න වෙනවා.

එහෙම සංකීර්ණ තත්වයක දී ජනාධිපතිවරයා තමයි ආණ්ඩුවක් හදන්න පක්ෂයකට ආරාධනා කරන්නේ. එතකොට ඒ හැදෙන්නෙත් රනිල්ට  ඕන විදිහේ ආණ්ඩුවක් කියලා කැට තියලා කියන්න පුළුවන්. ආණ්ඩුව එහෙම හැදෙනකොට විපක්ෂයත් හැදෙන්නේ රනිල්ට  ඕන විදිහට. එහෙම නැතිවුණොත් ඒක රනිල් කලින්ම යෝජනා කරපු සර්ව පාක්ෂික ජාතික එකඟතා ආණ්ඩුවම වෙන්නත් බැරි නැහැ. මෙහෙම මොන තත්වයකදිවත් ජනාධිපතිවරණය රනිල්ට කොහොමටත් තරගයක් වෙන්නේ නැහැ.

මේක අනුර හොඳටම දන්නවා. එයා ගණන් හදලා තියෙන්නේ, අනාගතයේ එයා ඉන්න  ඕන තැන කොතනද කියලා.

රනිල් මහමැතිවරණය සහ ජනාධිපතිවරණය තියනවා කියද්දි, අනුර එක්කො මහමැතිවරණය මුලින් තියන්න කියන්න  ඕන, ආණ්ඩුව එයාලට ගන්න පුළුවන් නම්, ඒත් ඒක කරන්න බැහැ.

අනුරට ජනාධිපති වෙන්න පුළුවන් නම් ජනාධිපතිවරණය තියන්න කියන්න  ඕන, ජනාධිපති වෙන්න පුළුවන් නම්, ඒත් ඒකත් බැහැ. මේ දෙකම බැරි නිසා තමයි අනුර පාර්ලිමේන්තු ඇවිත් කියන්නේ ඉස්සෙල්ල පළාත්පාලන සහ පළාත්සභා මැතිවරණ තියන්න කියලා. අනුර මේ වෙලාවේ ඉල්ලන්නේ එයාලට ගැලපෙන මැතිවරණයක්.

අනුර දේශපාලනයේ දී ගණන් හැදුවට සජිත් ගණන් හදන්නේ නැහැ. එයාට ඒ ගණිත කර්ම ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා හැමදාම වරද්ද ගන්නවා. ඒක කොහොම වුණත් එයාට මොන මැතිවරණයක් පැවැත්වුණත් තමන් ගාව අන්තිමට ඉතිරි වෙන ටික, අතේ ඇ`ගිලි ටික පාවිච්චි කරලා ගණන් කරගන්න නම් පුළුවන් වෙයි. ඒක එහෙම වෙන්නත් ගණන් හැදිලා තියෙන්නේ.

ඒත් අනුරට නවතින්න වෙන්නේ විපක්ෂ නායක වෙලා, දැන් ඒ ගණනත් හදලා තියෙන්නේ. ඒත් ඒ අනුරම නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *