ඈත බැලූ විටත් සුද්දන්ය – මෑත බැලූ විටත් සුද්දන්ය
දැන් කොහේ ගියත් සුද්දෙක් ඇඟේ හැප්පෙන තරමට සුද්දෝ ලංකාවේය. රටේ අස්සක් මුල්ලක් නෑරම විදෙස් සංචාරකයන්ගෙන්
පිරීයමින්’තිබේ. ඒ අනුව පෙනෙන්නට තිබෙන දේ නම් බිද වැටී’තිබූ’ආර්ථිකය යළි නඟා සිටුවීම සදහා රජය විසින් ගන්නා ක්‍රියාමාර්ගයන්ගේ සාර්ථකත්වයන්ය. කොහොම නමුත් ආර්ථිකය ගොඩ නැංවීමෙහිදි සංචාරක කර්මාන්තය ප්‍රමුඛතාවය ලබාදීමට රජය කටයුතු කර’තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් අනතුරුව බිඳ වැටී’තිබූ’ආර්ථිකය යළි ඔසවා තැබීමේ මූලික ක්‍රියාමාර්ග අතරට සංචාරක කර්මාන්තය තෝරාගනු ලැබුවේ ඒ සඳහා පදනම් වූ කරුණු රැසක් සලකා බැලීමෙනි. එම’වැඩපිළිවෙල තාර්කික වටිනාමක් සහිත වන්නේ ලංකාවේ ආර්ථිකය, සේවා ආර්ථිකයක් සදහා වූ’ආවේණික ප්‍රබවයන් සහිත වූවක් නිසාවෙනි. බොහෝ සාම්ප්‍රදායික දේශපාලනික අදහස් දරන්නෝ ලංකාවේ භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයක් පිළිබද සිහින දකින්නේ ලෝක තත්වයන් හා එකී’ලෝක තත්වයන් තුළ ලංකාව කොපමණ දායකත්වයක් දරන්නේද යන්න සම්බන්ධයෙන් කරුණු නොවටහා ගෙනය. මේ නිසා යල් පිනූ’නිෂ්පාදන ආර්ථික මොඩලය දැන් මේ රටට සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමවේදයකි. කෘෂි හෝ කාර්මික නිශ්පාදන මතින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කරගැනීම වත්මන් ලෝකය තුළ තවදුරටත් සීමා වෙමින් පවතී. නමුත් සේවා නිශ්පාදනයට වැඩි අවස්ථා නිර්මාණය වෙමින් ඇත. වර්තමානය තුළත් මෙරට ආර්ථිකයට වැඩිම දායකත්වය සේවා ආර්ථිකය විසින් ලබා දෙමින් තිබේ. සංචාරක කර්මාන්තය යනු මේ සේවා ආර්ථිකයේ වැදගත්ම උපකරණයකි.
ඉන්දියානු සාගරයේ පිහිටීම පදනම් කරගෙන ආසියානු කලාපයේ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ලංකාව ලොව තුළ’ජනප්‍රිය කිරීමට නව වැඩ පිළිවෙල රාශියක් මේ වන විට ගොඩ නගා ඇත. සංචාරක අමාත්‍යාංශය විසින් ගෙන ඇති නව පියවරයන් තුළ’2024 තුළ’අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 6ක් හා සංචාරයන් ප්‍රමාණය ලක්ෂ 20කි. මේ වන විටත් දිවයිනේ බොහෝ සංචාරක කලාපයන් සංචාරකයන්ගෙන් පිරී ගොසිනි. අනෙක් පසින් අසන්නට ලැබෙන කතාවන්ද තිබේ. ඒ වැඩිවන සංචාරකයන් සදහා වන පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් කොතරම් දුරට සලසා ඇද්ද යන්නය. මේ ප්‍රශ්න කිරීම් හා ගැටළු පැන නැගීම් හොඳය. මන්දයත් සංචාරක කර්මාන්තය වැටී’තිබූ තත්වයෙන් දැන් ගොඩ ඇවිත් යන්නට එය සුබවාදී’ලකුණ එම ප්‍රශ්න තුළ’සැගව ඇති බැවිනි.
පදනම් දෙදරවා යන්න කඩා වැටුණු යමක් යළි ගොඩ නැගීම පහසු දෙයක් නොවේ. එහෙත් ඒ බාධක සියල්ල මැඩපවත්වා විදේශිකයෙකුට මේ භූමියට පය ගැසීමට තරම් සුදුසු තැනක් බවට පත් කිරීම සරළ වැඩක් වූයේ නැත. දැන් එය සිදුකර අවසන්ය.
දැන් සංචාරයන්ට සුදුසු ආරක්ෂිත විචිත්‍ර පරිසරයක් ගොඩ නැගී’ඇත. ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 106%කින් වැඩි වීමකි. 2023 වසරේදී මෙරටට ලක්ෂ 14කට වැඩි පිරිසක් පැමිණ’තිබේ. 2024 වර්ෂය ආරම්භයේදීම’සංචාරකයින් පැමිණීමේ වැඩිවීමක් පෙන්නුම් කරන අතරම ඒ වෙනුවෙන් විවිධ නව’ව්‍යාපෘති ගනනාවක්ද මේ වන විටත් සිදුකරමින් පවතී.
ඒ අතර පසුගියදා මෙරට කඳුකරයේ හදවත හරහා දිවෙන කිලෝමීටර් 300ක කඳු නැගීමේ මංපෙත් සහ ක්‍රියාදාම සහිත වන පිකෝ ටේ්‍රල් (Pekoe Trai) මාර්ගය විවෘත කළ අතර එය 2024 සඳහා නැෂනල් ජියෝග්‍රැෆික් (National Geographic)හි හොඳම සංචාරක අත්දැකීම් 20 අතරට ඇතුළත් කර තිබේ. මෙරට පිකෝ ටේ්‍රල් Wander tea trails in Sri Lanka ලෙස නම් කර ඇති නැෂනල් ජියෝග්‍රැෆික් විසින් “2024 වසරේ ලොව හොඳම සංචාරක අත්දැකීමක්” ලෙස ශ්‍රේණිගත කර තිබීම මෙහිලා වැදගත් වේ.
මේ අතර සංචාර කර්මාන්තයේ ගුණාත්මක බව ඉහළ දැමීම වෙනුවෙන් ආරක්ෂක අංශ සම්බන්ධ කර ගැනීමටද පියවර ගෙන ඇත. ඒ අනුව පොලිසිය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ගුවන් හමුදාව දිවයින තුළ අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි කිරීම, නාවික හමුදාවේ සහභාගීත්වයෙන් සමුද්‍ර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ හමුදාවේ සහභාගීත්වයෙන් ජීවිතාරක්ෂක වැඩසටහනක් ආරම්භ කිරීම වෙයි.
ඒ අතර ශ්‍රී ලංකාව මුහුදෙන් වටවී තිබුණද, දේශීය යාත්‍රා සංස්කෘතියක් (Domestic Yacht Culture) හෝ ලයිව්බෝඩ් කිමිදුම් කෲස් (liveaboard diving cruises
යාත්‍රාවල විවේක කටයුතු (Leisure Activities on Yachts&) වැනි යාත්‍රා මත පදනම් වූ සංචාරක ක්‍රියාකාරකම් නොමැති වීමේ අඩුව පූර්ණ කර සමුද්‍ර සංචාරක (Marine Tourism) ව්‍යාපාරයට ඇති බාධක ඉවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මකය.
එසේම පසුගියදා කම්පාලා නුවර පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවිධ’රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන් සමග සිදුකරනු ලැබූ’සාකච්ඡාවන්හිදී’ඒ ඒ රටවල සංචාරකයන් මෙරට සංචාරය සදහා යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. මේ අනුව විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් සංචාරක ක්ෂේත්‍රෙය් දියුණුව සදහා සැලසුම් කොට ඇති අතර 2024 වර්ෂයේ මුල් කාර්තුව තුළ සංචාරකයින් වැඩිපිරිසක් ලංකාව වෙත ආකර්ශනය වනු ඇති බවට සංචාරක අමාත්‍යාංශය සදහන් කර සිටී. මේ අනුව දැන් යන යන තැන ඇඟේ හැපෙන සුද්දෝ තව ටික දවසකින් කරේ නඟින්න එන්න බැරි නැත.
- කේ.පී.අයි. ප්‍රියංගනී