නියෝගය නැවත සලකා බලන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලයි.

0

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ උතුරේ සිටින සියලුම පුද්ගලයින්ට කලාපයෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව මිට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

එම නියෝගය නැවත සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ඒ පිළිබදව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Tarik Jašarević සඳහන් කරන්නේ  “සරලව ගෙන යා නොහැකි රෝගීන් එහි සිටින බවත් බොහෝ දෙනෙක් යාන්ත්‍රික වාතාශ්‍රය මත සිටින සහ අලුත උපන් බිළිඳුන් ඉන්කියුබේටර්වල  අස්ථායී තත්ත්වයන් යටතේ සිටින තත්ත්වයක් මත ඔවුන් චලනය කිරීම ඉතා අපහසු බවයි.

තවද ශල්‍ය හා කම්පන ද්‍රව්‍ය ට්‍රක් රථ හතරක් මෙන්ම නිදන්ගත රෝග සඳහා ඖෂධ මෑතකදී රෆා දේශසීමා හරස් මාර්ගය හරහා ගාසා තීරයට ගෙන ආ නමුත් එය ප්‍රමාණවත් නොවන බවයි.

දේශසීමාවේ ඊජිප්තු පැත්තට යාමට අවශ්‍ය ද්‍රව්‍ය සහිත ට්‍රක් රථ වැඩි ප්‍රමාණයක් තිබෙන නමුත් ඒවා ආරක්ෂිතව ගෙන ඒමට හැකි බවට ආරක්ෂක සහතිකයක් නොමැති බවද ඔහු පවසා සිටිනවා .

මේ අතර ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් සදහන් කරනවා.

ඊශ්‍රායලය ට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන්ද තර්ජන එල්ලවී ඇති අතර හමාස් සහ හිස්බුල්ලා පාර්ශ්ව දෙකටම සහාය දක්වන බවට ඉරානයට චෝදනා එල්ලවෙමින් පවතිනවා.

මේ අතර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 6,000 ඉක්මවා තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *