ඊශ්‍රායලය සමග ගිවිසුමක් පිළිබඳව හමාස් නායකයාගෙන් ප්‍රකාශයක්.

0

කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායල රජය සමඟ තම නියෝජිතයන් සාකච්ඡා පවත්වන බවත්, යුද ගැටුම් නැවැත්වීමට එකඟතාවක් ඇති කර ගැනීමට සූදානම් බව හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියේ පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වා ර් තා කරනවා.

හමාස් නිලධාරීන් ඊශ්‍රායලය සමග ගිවිසුමකට එළැඹෙන බවට පසුගිය පැය කිහිපය තුළද මාධ්‍ය වාර්තා පළව තිබුණා

දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර කටාර් රාජ්‍යය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වා ර් තා  සදහන් කරන්නේ.

හමාස් නායකයා පවසා ඇත්තේ තම කණ්ඩායම “කටාර්හිදී සිය ප්‍රතිචාරය ලබා දී ඇති අතර, අපි සටන් විරාම ගිවිසුමකට එළඹීමට ආසන්නව සිටිමු” යනුවෙනුයි.

ගැටුම් නැවැත්වීමට කැමැති යැයි හමාස් සංවිධානය පවසා ඇති නමුත්, සටන් විරාසයකට යෑමට හෝ ගැටුම් නැවැත්වීමට තමන් කැමැති යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා නැකති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *