ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැය 24ක් තුළ පලස්තීනුවන් 700ක් මරුට.

0

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

ඉරානය පවසන්නේ ඊශ්‍රායලයට යුද ආධාර සැපයීම සම්බන්ධයෙන් අමෙරිකාව වගකිව යුතු බවයි.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ තම ජනතාව “සිය ජීවිත” වෙනුවෙන් සටන්කරන බවත් හමාස් සමග සටන “ජීවිතයත් මරණයත්”අතර සටනක් වී ඇති බවයි.

ඊශ්‍රායලය ට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන්ද තර්ජන එල්ලවී ඇති අතර හමාස් සහ හිස්බුල්ලා පාර්ශ්ව දෙකටම සහාය දක්වන බවට ඉරානයට  මේ වනවිට චෝදනා එල්ලවී තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනයේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ තමන් ත්‍රස්ත ඉලක්ක 400කට ප්‍රහාර එල්ල කළ බවත් එම කාලය තුළ හමාස් අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු මරා දැමූ බවත්ය.

මේ අතර හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කළද තම ප්‍රහාර අඩු නොකරන බව ද ඔවුන් සඳහන් කරනවා

මේ අතර එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන තිරසාර සහ ආරක්ෂිත මානුෂීය ප්‍රවේශයක් ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

විදුලිය, ඖෂධ සහ කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් ගාසා තීරයේ රෝහල්වලින් තුනෙන් එකක් තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර පිරිසිදු ජල හිඟය නොමැතිවීම දැඩි ලෙස බලපා ඇති බවයි තිබෙනවා.

ඔක්තෝබර් 7 දා එල්ලවූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 1,400 ක් මිය ගිය අතර තවත් 222 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන සිටිනවා

එතැන් සිට ගාසා තීරයේ 5,800 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර ඊශ්‍රායලය සහ හමාස් අතර ඔක්තෝබර් 06 වනදා සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 6,000 ඉක්මවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *