ඊශ්‍රායල හමුදාවට දරුණු ප්‍රහාරයක් – ධවල මන්දිර ආරක්ෂක උපදේශකවරයා ඊශ්‍රායලය සමඟ සාකච්ඡා

0

පලස්තීන ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදාවලට මසකින් පසු දරුණුතම හානියට මුහුණ දීමට ඊයේ (13) දින සිදු වුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ උතුරු කොටසේ ෂෙජයිකා (Shejaia)හි දී හමාස් සංවිධානය සැඟවී එල්ල කළ ප්‍රහාරයක් මෙලෙස ඊශ්‍රායල හමුදාවලට ප්‍රබලතම හානිය සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි දී ඊශ්‍රායල හමුදාවේ ලුතිතන් කර්නල්වරයෙකු ඇතුළු සෙබළුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කරනවා.

එය පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ඊශ්‍රායල හමුදා සෙබළුන් 15 දෙනෙකු ගොඩබිම් ප්‍රහාරවල දී මියයාමෙන් පසු ඊශ්‍රායල හමුදාවට සිදු වූ දරුණුතම හානිය මෙය ලෙස සැලකෙනවා.

ඊයේ සිදු වූ හමුදා ජීවිත හානි සමඟ ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරවල දී මියගිය ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan අද (14) ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Jake Sullivan ඊශ්‍රායල නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අද දකින ආකාරයේ ඉහළ තීව්‍රතාවයකින් යුත් මෙහෙයුම් වලින් වෙනස් අදියරකට ගමන් කරන ලෙසයි.

ඊයේ (13) ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සමග සාකච්ඡා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා..

එහිදී ඔවුන් මැද පෙරදිග කල්පවත්නා සාමයක් ඇති කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ හමාස් සංවිධානය සමූල ඝාතනය කරන තුරු යුද්ධය දිගටම පවතිනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *