එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ හමුදාවෙන් Houthi කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර

0

එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ හමුදා යේමනයේ Houthi කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ නැව්වලට ඉරානයේ පිටුබලය ලබන Houthi කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරන්නේ.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ මෙම ආක්‍රමණය හේතුවෙන් ඔවුන්ට දැඩි වන්දියක් ගෙවීමට සිදුවන් බව Houthi කැරලිකරුවන්ගේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවා තිබෙනවා

මේ අතර රාජකීය ගුවන් හමුදාවේ යුධ ගුවන් යානා හමුදාවට ඉලක්කගත ප්‍රහාර සිදු කිරීමට උදව් කළ බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා පැවසු බව විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එමෙන්ම මෙහෙයුමේ කොටසක් ලෙස නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ බහරේනය සහාය ලබා දුන් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා

යේමනයේ Houthi කැරලිකරුවන් බොහෝ ප්‍රදේශ පාලනය කරන අතර ඊශ්‍රායලයට යන නැව් ගමනාගමනය ඉලක්ක කර ගනිමින් මිත්‍ර හමාස් සංවිධානයට සහාය දක්වන බවයි පවසන්නේ.

ඕස්ට්‍රේලියාව, බහරේනය, කැනඩාව, ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය, නවසීලන්තය, කොරියානු ජනරජය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල රජයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇති බවද සඳහන්.

Houthi කැරලිකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් සම්මුතිය උපුටා දක්වමින් රතු මුහුදේ නැව්වලට එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශයේ සඳහන්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *