කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.

එම ස්ථානයේ භූ විද්‍යාඥයන් ඇතුළු විශේෂඥයන් පිරිසක් කළ පරික්‍ෂණයෙන් ඒ බව හෙළි වූ බවත් කරඳගොල්ල නායයෑම අධික වාර්ෂාව හේතුවෙන් ඇති වූ සාමාන්‍ය නායයෑමක් බවත් මහාචාර්යවරයා කීය.