ගාසා ආක්‍රමණයට සූදානම් – ඊශ්‍රායල අගමැති කියයි.

0

ගාසා තීරය ආක්‍රමණයට සූදානම් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සියලු දෙනාට මරණය උරුම බවත් ජාතිය අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කියා සිටිනවා.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම ප්‍රධාන අරමුණ බවත් හමාස් සංවිධිනයේ පාලන බලය බිඳ දමා, හමුදා ශක්තිය නැති කර, අල්ලා ගත් ඊශ්‍රායල වැසියන් මුදා ගැනීමට කටයුතු කරන බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් කියා සිටියේ.

එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්, අමාත්‍ය බෙනී ගෑන්ට්ස් සහ ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීහු ද එක්ව තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය ගාසා තීරය වට කර ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා දේශසීමාවේ රැඳී සිටින්නේ, ගාසා තීරයේ උතුරුදිග පළාත් හරහා පහර දෙමින් ගාසා තීරයට කඩා වැදී ආක්‍රමණයකට සූදානමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.‍

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඊශ්‍රායල සහ පලස්තීනුවන් අතර පෙර තිබූ තත්ත්වයට ආපසු යාමක් කිසිදු දිනක සිදු වනු නොමැති බවයි.

එමෙන්ම මේ වනවිට ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමග රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියල්ල නවතා දමා තිබෙනවා .

ඊශ්‍රායලය ගාසා තීරයට ඉන්ධන පැමිණීම අවහිර කර ඇති අතර හමාස් සංවිධානය එය ගබඩා කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *