ගාසා ගැන තීරණාත්මක ඡන්දයක් අද.

0

ගාසා තීරයේ දකුණේ ඇති වන දරුණු සටන්වලින් බේරීම සඳහා මේ වන විට දස දහස් ගණන් පලස්තීනුවන් රෆා මාර්ගය වෙත පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ අතර ගාසා තීරයේ BBC පුවත් වාර්තාකරු පවසා තිබෙන්නේ නගරයට ආහාර හෝ විදුලිය නොමැති අතර උග්‍ර ජල හිඟයක් පවතින බවයි

එක්සත් ජාතීන් විසින් පවත්වාගෙන යන පාසල් කඳවුරු වෙත දහස් ගණනක ජනතාවක් යාමට උත්සාහ කළ නමුත් ඔවුන්ට ඉඩක් නොමැති නිසා ගොඩනැගිලි ඉදිරිපිට නිදා ගැනීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් මාද්‍ය වාර්තා සදහන් කරන්නේ.

මේ අතර ඊශ්‍රායල හමුදාව දැන් උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන්ට පලා යන ලෙස දන්වා තිබූ නගරයක් වන ඛාන් යුනිස් වෙත පැමිණ ඇති බව සදහන්.

හමාස් සංවිධානය ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 1,200ක් ඝාතනය කර 240ක් ප්‍රාණ ඇපයට ගත් අතර, ඔවුන්ගෙන් සමහරක් කෙටි කාලීන සටන් විරාමයක් අතරතුර දී නිදහස් කරනු ලැබුවා

ගාසා තීරය තුළ වහාම මානුෂිය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද සිදුකිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වගන්තිය යටතේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

ආරක්ෂක මණ්ඩලය තුළ අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන ලෙස එක්සත් අරාබී එමිර් රාජ්‍යය සාමාජික රාජ්‍යන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

යෝජනාව සම්මත වීම සඳහා ඊට පක්ෂව ඡන්ද 09ක් හිමිවිය යුතු අතර අමෙරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය නිශේධ බලය භාවිත කිරිමෙන් වැළකි සිටිය යුතුයි.

මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ළමුන් 7,000 ක් පමණ ඇතුළුව පුද්ගලයින් 17,177 කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කර ඇති බව ගාසා තීරයේ හමාස් නිලධාරීන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *