ගාසා තීරයේ පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

0

ඔක්තෝබර් 7 වන දින සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 20,000 ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින හතක සටන් විරාමය හැර ගැටුම ආරම්භයේ සිට දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ගාසාවේ හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය  කියා සිටිනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රාදේශීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ රිචඩ් බ්‍රෙනන් පවසන්නේ මෙම දත්ත සංඛ්‍යා විශ්වාස කළ හැකි බවයි.

 යුද කලාපයක මිය ගිය පුද්ගලයන්  ගණන් කිරීම අභියෝගයක් වන අතර ගාසා තීරයේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වළලනු ලැබූ හෝ රෝහල් වෙත ගෙන නොගිය සිරුරු එයට ඇතුළත් නොවන බැවින් මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.්‍

මේ අතර (21) වනදා ගාසා තීරයේ නව සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා කිරීමට හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානියා ඊජිප්තුවේ කයිරෝ නුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගාසා තීරයේ නව සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟතාව ඇති කරමින් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන යුද සිරකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එහිදී දෙපාර්ශ්වය එළැඹෙනු ඇතැයි අනාවැකි පළ තිබුණේ.

ගාසා තීරයේ සිදුවන ඊශ්‍රායල ආක්‍රමණය නැවැත්වීම සහ යුද සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඔහු ඊජිප්තුවේ ඔත්තු සේවා ප්‍රධානියා හමුවීමට නියමිත බව ද වාර්තා වනවා.

තවත් සටන් විරාමයකට තම රට සූදානම් බව ඊශ්‍රායලයේ ජනාධිපති අයිසැක් හර්සොන් ද ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *