ගාසා තීරයේ මරණ ගණන ඉහළට.

0

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 ක් බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.

මියගිය පලස්තීන වැසියන්ගෙන් පමණක් නොව, තුවාල ලැබූ පලස්තීන වැසියන්ගෙන් ද සියයට 70 ක් දෙනා වැඩිහිටියන්, කාන්තාවන් සහ කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින 12ක් පුරා පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත උපදේශ ලබාදීම සඳහා ඊයේ (18) දින ඇමෙරිකා  ජනාධිපති ජෝ බයිඩන් ටෙල්අවිව් නුවර වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව, මෙය ඊශ්‍රායල හමුදා හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරය තුළ සිය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමට පෙරාතුව එම සෙබළුන් ධෛර්යමත් කිරීම සදහා බයිඩන් සිදුකරන සංචාරයක් ලෙසද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පූර්ණ සහාය ඊශ්‍රායලයට හිමිවී ඇත්තේ.

ඊට අප්‍රසාදය පළ කරන පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පවසා ඇත්තේ, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දීමට ඉදිරිපත් වීම, අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවයි.

ඊශ්‍රායලයට රිසි පරිදි ගාසා තීරයට පහර දීමට ඇමෙරිකාවේ අනුමැතිය හිමිවී ඇති බව එයින් තහවුරු වන බව ද පලස්තීන ජනාධිපති අබ්බාස් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *