චීනයේ ප්‍රබල භූ කම්පනයක් – 111ක් මරුට

0

වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 116 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 220දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධියෙන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, අතුරුදහන් වූවන් සෙවීමේ ‌මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි සදහන් වන්නේ.

ඊයේ(18) රාත්‍රියේ ඇතිව තිබෙන මෙම කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලතාවයකින් යුතු පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් හට ගෙන තිබෙනවා.

එමඟින් ගන්සු පළාතේ සහ ෂිංහායි පළාත් දැඩි අලාභානි වී ඇති අතර ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල විදුලිය හා ජල සැපයුම ද ඇණහිට තිබෙන බවයි විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් පවසන්නේ.

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නියෝග කර ඇති බවද සඳහන් .

ඒ අනුව කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටින අය සොයා ගැලවුම්කරුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය සැප්තැම්බරයේ නිරිතදිග සිචුවාන් පළාතේ රිච්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවකින් පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් මිය ගියා.

පුද්ගලයින් 200,000 කට වඩා මිය ගිය ගොංෂු හි 1920 භූමිකම්පාව 20 වන සියවසේ ලෝකයේ විශාලම භූමිකම්පාවලින් එකක් ලෙසයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *