චීනය ප්‍රහාර එල්ල කළහොත් පිලිපීනයට උදව්කරනවා – බයිඩන්

0

පිලිපීනයේ සහ චීනයේ බෝට්ටු දෙකක් මතභේදයට තුඩු දී ඇති දකුණු චීන මුහුදු සීමාවේදී ගැටීමෙන් අනතුරුව ඇතිව තිබෙන රාජ්‍ය තාන්ත්‍රික ගැටළුව මධ්‍යයේ දකුණු චීන මුහුදේදී පිලිපීන නාවික යාත්‍රාවලට චීනය පහර දුනහොත් ඇමරිකාව පිලිපීනය ආරක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

ඔවුන් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම ගැන බයිඩන් පිලිපීනයට දැඩි ලෙස සහතික විය. පිලිපීනය මෙම මුහුදු තීරයේ චීනයේ හිමිකම්වලට අභියෝග කරමින් සිටින්නේ චීනය මෙම සීමාවේ සිදුකරන අනාරක්ෂිත ක්‍රියාවන්වලට එරෙහිවය.

බයිඩන් මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ, “‍මට පැහැදිලිව ප්‍රකාශ කිරිමට අවශ්‍යයි පිලිපීනය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදයේ පොරොන්දුව ශක්තිමත්, එක්සත් ජනපදය සහ පිලිපීනය අතර ආරක්ෂක ගිවිසුම ස්ථිරයි”‍ යනුවෙනි.

1951 දී ඇති කරගත් මෙම ගිවිසුමෙන් අදහස් වන්නේ ප්‍රහාරයක් එල්ල වුවහොත් එක්සත් ජනපදය සහ පිලිපීනය එකිනෙකා ආරක්ෂා කිරීමට කැපවී සිටින බවයි.

“‍පිලිපීන ගුවන්යානා, නැව් හෝ මිලිටරිවලට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් පිලිපීනය සමඟ අපගේ ආරක්ෂක ගිවිසුම සක්‍රීය කරනු ඇත”‍ යනුවෙන් බයිඩන් වැඩිදුරටත් පැවසීය.

පිලිපීනය කියා සිටියේ චීනයේ ක්‍රියාකලාපය හේතුවෙන් චීන වෙරළාරක්ෂක නෞකාවක් සහ පිලිපීන සැපයුම් බෝට්ටුවක් පිලිපීනයට අයත් ප්‍රදේශයක දී ගැටීමක් සිදුව ඇති බවයි. තවත් සිදුවීමක දී පිලිපීනය පැවසුවේ චීන මිලීෂියා බෝට්ටුවක් පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රාවක ගැටී‍ ඇති බවයි.

චීනය සහ පිලිපීනය අතර ආතතිය මෑතකදී වර්ධනය වීමෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඔහුගේ වඩාත්ම බලගතු ප්‍රකාශය ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මෙම ගැටුම සිදුවූයේ පිලිපීන බෝට්ටු ඔවුන්ගේ භෞමික හිමිකම් සනාථ කිරීම සඳහා පිලිපීනය දෙවන තෝමස් ෂෝල්හි ස්ථානගත කර තිබූ නාවික හමුදා නෞකාවකට සහය වීමට යමින් සිටියදීය.

පිලිපීනයේ ආරක්ෂක අමාත්‍ය ගිල්බර්ටෝ ටියෝඩෝරෝ ජූනියර් චෝදනා කළේ චීනය හිතාමතාම තම යාත්‍රාවලට පහර දෙන බවත්, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා සත්‍යය විකෘති කරන බවත්ය.

බයිඩන් මෙම ප්‍රකාශයන්ට එකඟ වූ අතර, චීන බෝට්ටු ගැටුම්වලදී භයානක හා නීති විරෝධී ලෙස හැසිරුණු බව පැවසීය.

පිලිපීනය එක්සත් ජනපදයේ වැදගත් මිතුරෙකු වන්නේ එය පැසිෆික් කලාපයේ ගැටුම් සහිත ප්‍රදේශ දෙකක් වන දකුණු චීන මුහුද සහ තායිවානය අසල පිහිටා ඇති බැවිනි.

ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් 2022 ජූනි මාසයේදී බලයට පත් වූ දා සිට එක්සත් ජනපදය සමඟ පිලිපීනයේ සන්ධානය ශක්තිමත් කළේය. මේ අනුව පිලිපීන බලධාරීන් දකුණු චීන මුහුදේ චීනයේ ක්‍රියාමාර්ග අභියෝගයට ලක් කිරීම සඳහා වඩාත් යොමු වී ඇතැයි පෙනීමට තිබේ.

මාකෝස් සිය පූර්වගාමියා වූ රොඩ්රිගෝ ඩුටර්ටේට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කර ඇති අතර, දකුණු චීන මුහුදේ චීනයේ මුරණ්ඩුකමට එරෙහිව සටන් කිරීමට ප්‍රමාණවත් පියවර නොගැනීම නිසා විවේචනයට ලක් විය. දකුණු චීන මුහුදේ චීනයේ පුළුල් හිමිකම්වලට කිසිදු පදනමක් නොමැති බව ප්‍රකාශ කළ ජාත්‍යන්තර විනිශ්චය සභාවකදී චීනයට එරෙහිව පිලිපිනයේ නීතිමය ජයග්‍රහණය දෙර ටට වාසි වන ලෙස භාවිතා කළේ නැති බව බොහෝ දෙනාගේ මතයයි.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *