චීන ජනපති සහ රුසියානු ජනපති අතර හමුව ඇරඹේ.

0

චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් අතර ද්විපාර්ශ්වික හමුව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙම හමුව බීජිං හි මහජන මහා ශාලාවේදී ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

BRI සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මේ වනවිට චීනයේ බීජිං වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

මේ අතර රුසියාව සහ චීනය සහ ලෝකයේ බහුතර රාජ්‍යයන් අන්‍යෝන්‍ය සහයෝගීතාව, විස්තීර්ණ සහ තිරසාර ආර්ථික ප්‍රගතිය සහ සමාජ යහපැවැත්ම සඳහා අපේක්ෂාවන් බෙදාහදා ගන්නා බවද චීන ජනාධිපතිවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් සදහන් කළා.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අද (18) ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර වෙත පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල හමුදා හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරය තුළ සිය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමට පෙරාතුව එම සෙබළුන් ධෛර්යමත් කිරීම සදහා බයිඩන් සිදුකරන සංචාරයක් ලෙසද විදෙස් මාධ්‍ය මෙය වාර්තා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *