ජනපති මෙහෙයුම සාර්ථකයි. චීන සහය අඛණ්ඩව සහ විවෘතව ලංකාවට !
චීන ජනාධිපති ෂී ජින්පිං පසුගිය නොවැම්බර් 15 වෙනිදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය. ඒ අමරිකාවේ සැන් ප‍්‍රැන්සිස්කෝ හිදී පැවැත්වුණ ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව :්ඡුෑක්* සඳහා සහභාගීවීමට ඔහු ඇමරිකාවට ගිය මොහොතේය. මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවත්, ්ඡුෑක් සමුළුවත් ගෝලීය භූ-දේශපාලනික වශයෙන් මේ මොහොතේ පවතින ගැටළු සහගත තත්වයන් සමනය කරගැනීම වෙනුවෙන් වැදගත් එළැඹුමකට තැබූ පියවරක් බව අන්තර්ජාතික දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.
ඔවුන්ගේ පැය හතරක දීර්ඝ කතාබහේ දී, රාජ්‍ය නායකයින් දෙදෙනා දෙරටේ මෙන්ම ලෝක සාමයට සහ සංවර්ධනයට බලපාන ප‍්‍රධාන ගැටළු සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබිණි.
ඒ අතර ඉදිරි වසර පහ තුළ ඇමරිකානුවන් තරුණ තරුණියන් 50,000 ක් හුවමාරු සහ අධ්‍යයන වැඩසටහන් සඳහා චීනයට ආරාධනා කිරීමට තරම් චීන ජනාධිපතිවරයා විවෘත වී තිබිණි. මේ අනුව මෙම හමුවීම ලෝකයේ අනාගතය සම්බන්ධයෙන් සුබදායක තත්වයක් වන අතර මෙම වසරේ වැදගත්ම රාජ්‍යතාන්ත‍්‍රික හමුවීම මේ යැයි සැලකීමත් වැරදි නැත.
ඇමරිකාව සමඟ ස්ථාවර, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර සම්බන්ධතාවයක් ඇති කරගැනීමට චීනය නිරන්තරයෙන් කැපවී සිටින නමුත් චීනයට ද ආරක්ෂා කළයුතු අවශ්‍යතා, මූලධර්ම සහ තරණය නොකළ යුතු රතු ඉරි ඇති බව ද ජනාධිපති ෂී ජින්පිං, ඇමරිකානු ජනපති බයිඩන් සමඟ පවසා තිබිණි. චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබුණේ මෙවැනි ප‍්‍රබල රටවල් දෙකක් අතර සබඳතා නොපැවතීම සිදුවිය නොහැකි දෙයක් වන අතර එක රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවන බවය. ප‍්‍රබල රටවල් අතර තරග කිරීම නූතන යුගයේ හරය බවට පත්නොවිය යුතු බවත් තරගය මගින් චීනය, ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප‍්‍රශ්න විසඳිය නොහැකි බවත් අවධාරණය කර තිබිණි.
ඉතිහාසය හා සංස්කෘතිය, සමාජ ක‍්‍රම, සංවර්ධන ක‍්‍රියාමාර්ග යනාදියෙන් චීනය හා ඇමරිකාව අතර වෙනස්කම් තිබුණත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතාවෙන් පොදු ජයග‍්‍රහණය ලබාගැනීම දෙපාර්ශ්වය අනුගමනය කළහොත් මතභේද ඉක්මවා ප‍්‍රබල රටවල් දෙකක සබඳතාව මනාව පවත්වා ගැනීමේ නිවැරදි ක‍්‍රමය සොයාගත හැකි බවත් එම`ගින් දෙරටේ සබඳතාවට දීප්තිමත් අනාගතයක් ඇති බව ද ෂී ජින්පිං පවසා තිබිණි.
මේ අතර ඇමරිකානු-චීන සම්බන්ධතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් බවත්, ස්ථාවරව සංවර්ධනය වන චීනය, ඇමරිකාවට හා ලෝකයට යහපතක් රැගෙන එන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. දෙරට අතර ගැටුම් මතුවීමට ඉඩකඩ තිබුණ ද එය වළක්වාගත හැකි බවට ඔහු විශ්වාසය පළකර තිබිණි. නව සීතල යුද්ධයක් ආරම්භ නොකිරීම, චීනයේ ක‍්‍රමය වෙනස් නොකිරීම, සන්ධානගත සම්බන්ධතා යොදාගනිමින් චීනය මර්දනය නොකිරීම, චීනය සමග හිතාමතා ගැටුම් ඇතිකර නොගැනීම බයිඩන් දුන් පොරොන්දු අතර ප‍්‍රධාන වේ.
මේ අනුව අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී සහජීවනය පදනම් කරගෙන විධිමත් සම්බන්ධීකරණයක් පවත්වමින් පොදු යහපත පවතින ක්ෂේත‍්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීමටත්, පවතින මතභේද සමනය කරමින් විවිධ ක්ෂේත‍්‍රවල දෙරට අතර පවතින සහයෝගිතා හා සංවාද තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් එහිදී නායක දෙපළ එකඟවිය.
මෙම සාකච්ඡුාවෙන් පසුව පැවැති ආසියානු පැසිපික් සමුළුව තුළ දී චීනය ඉදිරි 30 වසරක් වෙනුවෙන් තමන්ගේ යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය. එහිදී ද ප‍්‍රධාන වශයෙන් මතුකර තිබුණේ භූ-දේශපාලනික ගැටළුව සමනය කරගත් අනාගත ලෝක සංවර්ධනයක් වෙනුවෙන් යොමුවීම සඳහා වන යෝජනාය.
මෙහිදී නවෝත්පාදන, විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවේ ප‍්‍රවණතා හුවමාරු කිරීම් සහ සහයෝගීතාව වඩාත් ක‍්‍රියාකාරීව ප‍්‍රවර්ධනය කිරීම, ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, ඩිජිටල් බෙදීම පටු කිරීම, විශාල දත්ත වලාකුළු පරිගණකකරණය, කෘත‍්‍රිම බුද්ධිය, ක්වොන්ටම් පරිගණකය සහ අනෙකුත් නව තාක්ෂණ භාවිතයට සහාය වීම, ආසියා පැසිෆික් කලාපයේ වර්ධනයේ නව ගම්‍යතාවක් සහ නව ධාවකයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කළේය.
විශේෂයෙන්ම මතු කළ වැදගත් කාරණයක් වුයේ, නිදහස් හා විවෘත වෙළඳාම සහ ආයෝජන ප‍්‍රවර්ධනය කිරීම, ලෝක වෙළඳ සංවිධානය (උඔධ* කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වික වෙළඳ තන්ත‍්‍රය ශක්තිමත් කිරීම, ගෝලීය කාර්මික සහ සැපයුම් දාම විවෘතව හා ස්ථාවරව තබාගැනීම අවධාරණය කිරීමය. කෙසේ නමුත් මේ ප‍්‍රතිපත්තිය මෑතක් වනතුරු චීනය අනුගමනය කළ දෙයක් නොවුණි. මෙය දශක ගණනාවක් ඇමරිකාව හා මිතුරු රාජ්‍යයන් අනුගමනය කළ නවලිබරල්වාදී ආර්ථික පිළිවෙතය. නමුත් මේ වන විට ඉන් බැහැරව නව වොෂින්ටන් සම්මුතිය යටතේ ඔවුන් රාජ්‍ය වානිජ්‍යවාදී පිළිවෙතකට මාරුවීම සිදුවෙමින් තිබිය දී ආසියා පැසිෆික් කලාපය නිදහස් හා විවෘත වෙළඳ කලාපයක් ගොඩනැගීම ගැන චීන ජනාධිපතිවරයා අවධාරණය කිරීම ලෝකයට නව බලාපොරොත්තු ගෙන එන්නක් වී ඇත. නව වොෂින්ටන් සම්මුතිය සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් ගණනාවක් වෙතින් විවේචනයට ලක්වුයේ ඇමරිකාව තමන්ව අතරමං කළ බවට චෝදනාවත් සහිතවය. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවා එම චෝදනාව එක්සත් ජාතීන්ගේ සමුළුව හමුවේ කර තිබිණි. මේ තත්වයන් හමුවේ බටහිරට කඳවුරට නතු වෙමින් තිබු රාජ්‍යයන් චීනය දෙසට යොමුවීම වැලැක්විය හැකි නොවේ. එමෙන්ම එය සාධාරණය.
මෙම සමුළුවේ දී තිරසාර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත‍්‍රය සම්පුර්ණයෙන්ම ක‍්‍රියාත්මක කළ යුතු බවත් ගෝලීය සංවර්ධන හිඟය විසඳීමට එක්ව කටයුතු කළයුතු බවත් චීන ජනපති ෂී පැවසීම ප‍්‍රගතිගාමී දෙයකි.
දරිද්‍රතාවය අඩු කිරීම, ආහාර සුරක්ෂිතතාව, කාර්මීකරණය සහ සංවර්ධන මූල්‍යකරණයේ සහයෝගීතාව ගැඹුරු කිරීම, නවීකරණයේ ඵල ලොව පුරා සිටින ජනතාවට බෙදාහදා ගැනීමට හැකි වන පරිදි ගෝලීය සංවර්ධන ප‍්‍රජාවක් ගොඩනැගීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරීමේ (ඨෘෂ* සියලූම පාර්ශ්වයන්ගේ සහභාගීත්වය චීනය සාදරයෙන් පිළිගන්නා බවත් ෂී පැවසීය. චීනයේ ආර්ථික නැඟීම සම්බන්ධයෙන් ඇමරිකාවට හෝ බටහිරට කවර පසමිතුරුකම් තිබුණත් මෙම යෝජනා ඔවුන්ට ප‍්‍රතික්ෂේප කළ හැකි තැනක නැත.
මන්ද මේ බටහිර මෙතෙක් අනුගමනය කළ පිළිවෙතට වෙනස් නොවන නිසාය. ඒ නිසා මෙහිදී යම් එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම බාරගැනීමට බටහිර කඳවුරට සිදුවනු ඇත. ඒ වෙනුවෙන් නව ලෝක පිළිවෙතකට මාරුවීමට සිදුවෙනු ඇත.
කොහොම නමුත් මේ වර්ධනය වන භූ-දේශපාලනික තත්වයන් ශ‍්‍රි ලංකාවටද අතිශය වැදගත්ය. මන්ද මෙම භූ-දේශපාලනික ගැටුම්කාරිත්වය නිසා ශ‍්‍රි ලංකාවේ පැවැත්ම සිරවී තිබුණේ ගිරයට අසුවුණු පුවක් ගෙඩියක තත්වයෙන්ය. පසුගිය දශක කිහිපය පුරාම ශ‍්‍රි ලංකාවට ඇගේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදුව තිබුණේ මේ දෙපාර්ශ්වය සහ කලාපීය බලවතා වන ඉන්දියාව මෙරට සම්බන්ධයෙන් දක්වන බලපෑමට යටත්වය. රටේ ස්වාධිපත්‍යය ස්වෛරීභාවය රැකගනිමි, කියමින් රට තුළ මොන දේශපාලන වීරයන් බිහිවුණත් ඇත්ත කතාව මේ විදෙස් බලපෑම්වලට යටවී තීන්දු තීරණ ගන්නට සිදුව තිබීමය. එය ඉදිරියටත් එසේ විය හැකිය. නමුත් වැදගත්ම දේ මේ සියළු පාර්ශ්ව සමඟ නොබැ`දිව නමුත් සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගොඩනගා ගැනීමය.
පසුගිය සමය තුළ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මෙම ජාතන්තර බලපෑම් සමඟ ගැටෙමින් සහ එම සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගනිමින් අසීරු සහ අවදානම් සහගත මෙහෙයුමක යෙදී සිටි බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මේ මොහොතෙත් ජනාධිපතිවරයා යෙදී සිටින්නේ එම මෙහෙයුමේ ය. තමා සහහභාගී වූ ජාත්‍යන්තර සමුළු සහ ද්විපාර්ශ්වික රාජ්‍ය නායක සාකච්ඡුාවලදී මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයන් හමුවේදිත් මෙම භූ-දේශපාලනික ගැටුම්වලින්, ශ‍්‍රි ලංකාව ද ඇතුළත් ගෝලීය දකුණේ රාජ්‍යයන් සහ ඉන්දියානු සාගර කලාපයත් ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් සෘජුවත් දෘඩවවත් අදහස් පල කර තිබිණි.
විශේෂයෙන්ම මෙරට බංකොලොත් භාවයට ඇද වැටී සිටීම තුළ නැවත ගොඩනැගීමට ලෝක බලවතුන්ගේ සහය අත්‍යාවශ්‍යව තිබිණි. විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්ය තත්වයක්ව තිබිණි. මෙහිදී ලෝක බලවතුන්ගේ කඹ ඇඳීම අනෙක් පසකින් මෙරට අවාසි සහගත විය. කෙසේ නමුත් මේ වන විට මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ජනාධිපති රනිල්ට හැකිව තිබේ. විශේෂයෙන්ම චීනයේ සහය ලබාගැනීම අභියෝගයක්ව තිබු අතර එය දැන් ජයගෙන ඇත. එමෙන්ම ණය ප‍්‍රතිවුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ වූ එකඟතාවයද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වන විට පිළිගෙන ඇත. මේ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නිමා වී ශ‍්‍රි ලංකාවට යළි සංවර්ධනයේ ගමන වේගවත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එම ගමනට චීනයෙන් ලැබෙන සහයද ඉතිහාසයේ නොවු විරු තරම් ඉහළ යනු ඇති බවට මේ වන විටත් ඉඟි පළවී ඇත.
චීන ඇමරිකා නායකයන් නව ලෝක පිළිවෙතක් සඳහා එකඟතාවයකට වටපිටාව සකසමින් සිටින අතරවාරයේ දී චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස ෂෙන් යිකින් මහත්මිය මෙරටට පැමිණ තිබිණි. ඇය ජනාධිපති රනිල් සමඟ පැවැති විශේෂ සාකච්ඡුාවක දී දෙරට අතර ආර්ථික වෙළඳ සහයෝගිතාව වර්ධනය කරගැනීම වෙනුවෙන් නව අදහස් හුවමාරු කරගැනීම මෙන්ම වැදගත් එකඟතාවන්ට පිවිසී තිබිණි. මෙහිදී මේ වන විටත් චීනය සමඟ වන සංචාරක, ක‍්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත‍්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවාගැනීම ශ‍්‍රී ලංකාවේ අභිලාෂය බව පැවසූ ජනාධිපති චීනයේ සහයෙන් ගොඩනැගූ හම්බන්තොට වරාය සහ වරාය නගරය ආයෝජන සඳහා සූදානම්ව පවතින බවද පවසා තිබිණි.
එමෙන්ම එක් තීරයක් – එක් මාවතක් (ඊැකඑ * ඍද්ා* වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ‍්‍රි ලංකාව එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද බහුපාර්ශ්වීය නිදහස් වෙළද සහයෝගිතවයක් වු ‘කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය‘ (ඍක්‍ෑඡු* වෙත ප‍්‍රවේශවීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති පියවර ද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි. මෙම හවුල්කාරිත්වයට චීනය, ඕස්ටේ‍්‍රලියාව, ජපානය, නවසීලන්තය, දකුණු කොරියාව, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය, මලයාසියාව, මියන්මාරය, ඉන්දුනීසියාව, බෲනායි, කාම්බෝජය, ලා ඕසය යන රාජ්‍යයන් අයත්ය. ලෝකයේ මහ බලවතුන් සහ නැගී එන ආර්ථිකයන් සහිත මෙම හවුලට ශී‍්‍ර ලංකාව ඇතුළත්වීම මෙරටට ලබන විශාල ජයග‍්‍රහණයකි.
මෙහිදී චීන පාර්ශ්වයෙන් තවත් වැදගත් යෝජනාවක් ලෙස, චීන – මියන්මාර් ආර්ථික කොරිඩෝව :ක්‍ඵෑක්*ල ශ‍්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීමට ඇති කැමැත්ත පිළිබඳව විශේෂ නියෝජිතවරිය මෙහිදී පවසා තිබිණි. මෙම මියන්මාරය සහ චීනය අතර සම්බන්ධතාවයට සහාය වන යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවකි. එය, ‘එක් තීරයක් – එක් මාවතක්’ ව්‍යාපෘතිය සඳහා මුලපිරීමේ ව්‍යාපෘතියක් වන අතර මහාමාර්ග සහ දුම්රිය ප‍්‍රවාහනය ගොඩනැගීම, දෙරට අතර ගෑස් සහ තෙල් නල මාර්ග, වරාය සහ විශේෂ ආර්ථික කලාප ගොඩනැඟීම මෙම ව්‍යාපෘතිය තුළ අඩංගුය. ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 9ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත. එම ව්‍යාපෘතියට ශී‍්‍ර ලංකාව ඇතුළත් කිරීමේ වාසිය කොපමණ ද කියා අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම චීන – ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට එළැඹීම මෙරට ආනයන අපනයන වෙළ`දාම විශාල පිම්මකින් ඉදිරියට පැනීමකි.
මෙහිදී ෂෙන් යිකින් මහත්මිය දෙරට අතර සබඳතා අඛණ්ඩව ශක්තිමත් කිරීමට චීනය කැපවන බව යළි අවධාරණය කර තිබිණි. ජනාධිපතිවරයාගේ පසුගිය චීන සංචාරයේ පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡුාවෙන් අනතුරව චීන ජනාධිපතිවරයා පොරොන්දු වුයේ කිසිදු දේශපාලනික කොන්දේසියකට යටත් නොකර ශි‍්‍ර ලංකාවේ සංවර්ධනයට සහය වන බවය.
මේ අනුව ලෝකයේ ඉදිරි දශකය තුළ චීනය නිදහස් හා විවෘත වෙළඳාම මුල් කරගත් නැගී සිටීම, ඉන්දියාව ප‍්‍රමුඛව ඉන්දීය සාගර කලාපය නව ආර්ථික බලවතකු ලෙස නැඟී සිටීම වන තත්වයන් තුළ ජනාධිපතිවරයා එහි ප‍්‍රතිලාභයන් මෙරටට අත්පත් කරගැනීම වෙනුවෙන් දුරදක්නා නුවණින් යුතුව අවශ්‍ය ක‍්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බව පැහැදිලිය. මෙම විදේශ සම්බන්ධතා නිසි පරිදි පවත්වාගෙන යමින් කටයුතු කිරීමේ වගකීම අනාගත පරපුරට බාරය. පටු දේශපාලනික හෝ පෞද්ගලික වුවමනා එපාකම් මත මෙරට ආර්ථිකය හා දේශපාලනය සමඟ සෙල්ලම් කිරීම නොවිය යුතුය. ජාතික ප‍්‍රතිපත්ති මත අඛණ්ඩව රැඳී සිටිමින් රටේ සංවර්ධනය නිසැකවම අත්පත් කරගත හැකි මාවත ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ඉන්දීය කලාපීය සහයෝගිතාවද චීනයද ඇමරිකාව හා බටහිර යුරෝපා සම්බන්ධතාවයද මෙරට ගොඩනැගීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය සාදක වන අතර මෙය නිසි ලෙස කළමනාකරණය කරමින් රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ජනාධිපතිවරයා දියත් කරන මෙහෙයුම විසින් රටට අවශ්‍ය නායකත්වය කුමක්ද යන්න පැහැදිලි කර ඇත. මේ අනුව රටට ඇවැසි අනාගත නායකත්වය කුමක්ද කියා නිවැරදි තේරීම කිරීමට ජනතාව අසමත් වුවහොත් අවසන අත්පත් කරගැනීමට ලැබෙන්නේ යළි අසමත් රාජ්‍යයම පමණය.
ජයතුංග බණ්ඩාර