ට්‍රම්ප්ට 2024 ජනපති අපේක්ෂකත්වය අහිමිවෙයි

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබෙන බව වාර්තා වනවා.

ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවයි.

තීන්දුවට අනුව, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ට 2024 ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වනු ඇති.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන්, අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අවස්ථාව හිමිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තතා සදහන් කරන්නේ..