දිනයක් නැති ඊශ්‍රායල – ගාසා සටන් විරාමය.

0

ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් සිකුරාදාට පෙර නිදහස් නොකරන බව ඊශ්‍රායලය සදහන් කරන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

BBC පුවත් සේවය උපුටා දක්වමින් සඳහන් කරන්නේ සටන්වල විරාමයක් අද (23) ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් ඊශ්‍රායල රජයේ මූලාශ්‍රය මත එය ප්‍රමාද වී ඇති බවයි.

පළමු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අද (23) දිනයේ සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සැලසුම් කර ඇති ගිවිසුම යටතේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කෙරෙන අතර ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටි පලස්තීන කාන්තාවන් සහ යෞවනයන් 150 දෙනෙකු නිදහස් කරනු ඇති බවයි සදහන් වන්නේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ගොඩබිම් සහ ගුවන් මෙහෙයුම් දිගටම කරගෙන ගොස් ඇති අතර අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට එරෙහිව නිරපේක්ෂ ජයග්‍රහණයක් ලබා ගන්නා බවටද ප්‍රතිඥා දී ඇති බවද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ළමුන් 5,000 කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව 14,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *