දෙවන වාරිකය කල්යාමේ වරද කාගේ ද?

0

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට අනුව ආණ්ඩුවේ දූෂණ ප‍්‍රතිපත්තිය ගැන ෂඵත්‍ එක කනස්සල්ලෙන් පසුවන අතර නිසි ඉලක්ක සම්පූර්ණ නොකිරීම නිසා දෙවැනි වාරිකය නතර කර ඇති බවය. සජිත්ට අනුව වරද ආණ්ඩුවේ ය. විපක්ෂ නායකයා වගේම විපක්ෂයේ අනෙකුත් ආණ්ඩු විරෝධීන්ගේ ද චෝදනාව එල්ල වන්නේ ජනපති ඇතුළු ආණ්ඩුවටය. විපක්ෂයේ ප‍්‍රචාරකවාදී දේශපාලනයට අනුව එකී චෝදනාව ඉතා සාධාරණ යැයි අයෙකු කල්පනා කිරීම ද වරදක් නොවේ.

කෙසේ වෙතත් ෂඵත්‍ ගිවිසුම ගැන කතාකරන්න සිදු වූ පසුබිම හා ඊට මග නිර්මාණය කළ වගකිව යුතු බොහෝ දෙනා ද අද විපක්ෂයේ සිට ජනපති ඇතුළු ආණ්ඩුවට චෝදනා කරමින් සිටින්නේ,

”උඹලට  ඕක කරන්න බෑ. ෂඵත්‍ පොරොන්දු ඉටුකරන්න ආණ්ඩුවට බෑ. ඒ නිසා ෂඵත්‍ එක ණය දෙන්නෙ නෑ. රටම විනාශයි” වගේ ප‍්‍රකාශයන් ය. එහෙත් එදා රටට සෞභාග්‍ය උදාකරනවා කියා ලෝකෙටම අඬබෙර ගහගෙන වියත් මගකින් ආපු සියලූ‍ දෙනා එකඳු පහදු වෙලා වසරක් වැනි කෙටි කාලයක් ඇතුළේ රටට උදා කළ සෞභාග්‍යයේ තරම නැවත නැවත සිහිපත් කිරීමට සිදුවීම ම ජුගුප්සාජනකය.

රටේ උග‍්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ගනුදෙනු ඇරඹිය යුතු යැයි එදා විපක්ෂයේ සිට ආණ්ඩුවට යෝජනා කළේ මන්ත‍්‍රී රනිල්ය. රට භාරගත් පසු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමේ අරමුණින් ෂඵත්‍ හා සාකච්ඡා ආරම්භ කළේ අගමැති රනිල්ය. මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් ෂඵත්‍ හා ගිවිසුමකට එළඹුණේ රනිල්ගේ ආණ්ඩුවය. ෂඵත්‍ විසින් ගෙන ආ රටේ ජනතාව අසීරුතාවට පත්වන යෝජනා ප‍්‍රතික්ෂේප කොට තමන්ගේම වූ යෝජනාවලියක් ඉදිරිපත් කොට ෂඵත්‍ එකඟතාවකට පොළඹවා ගත්තේ ද ජනපති රනිල් ය. තමන් එළැඹුණු ගිවිසුම ප‍්‍රකාරව රටතුළ සිදු කළ යුතු වෙනස්කම් සිදු කිරීම වෙනුවෙන් අවශ්‍ය යෝජනා අණපනත් හා නීති රෙගුලාසි ගෙන ආවේ ද රනිල්ගේ ආණ්ඩුවය. ඒවා ව්‍යවස්ථානුකූලව සම්මත කොට නිසි පරිදි ක‍්‍රියාත්මක කරවීමට උත්සාහ ගත්තේ ද රනිල්ගේ ආණ්ඩුව ය.

කෙසේ නමුත් එසේ මනා විනිවිදභාවයකින් යුතුව ආණ්ඩුවේ කටයුතු සිදුකරද්දි විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ ආණ්ඩු විරෝධීන් යැයි කියා ගන්නා පිරිස කළේ, මුල්වටයේ ෂඵත්‍ යනු භයානක රාක්ෂයෙක් යැයි සමාජගත කිරීමට උත්සහ කිරීමය. ෂඵත්‍ ගියාට රටවල් ගොඩගන්න නොහැකි යැයි කීවේය. එකී අසාර්ථක උත්සාහය අවසානයේ ‘ජනපති රනිල්ට ජනබලයක් නෑ, ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නෙ නෑ‘ යැයි අමු බේගලයක් ඇදබෑවේය. එපමණක් නොව ආණ්ඩුව ගෙන ආ හැම යෝජනාවකටම, අණ පනතකම වගේම ආර්ථික ප‍්‍රතිසංස්කරණ යෝජනාවකටම විරුද්ධව පාරවල් ගානේ සටන්පාඨ කියමින් ජෝගි නැටුවේය. ඇතැම් පණත් කෙටුම්පත්වලට එරෙහිව අධිකරණයට ගියේ පනත සම්මත වීම හෝ ක‍්‍රියාත්මක වීම කල්යැවීමේ ද අරමුණ ඇතිවය. ඒ සියල්ල අවසානයේ අත්‍යාවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ නියමිත වෙලාවට නිමා කරගැනීමට නොහැකි විය. එය ජනපති රනිල්ගේ හෝ ආණ්ඩුවේ වරදක් නොව විපක්ෂයේ ජයග‍්‍රහණයකි. අද ණය වාරිකය නොලැබීම ගැන විපක්ෂයේ ආණ්ඩු විරෝධීන්ගේ කිඹුල් කඳුළුවලට යටින් ඇති සිය බලකාමී අරමුණ වෙනුවෙන් ඔවුන්ගේ සිත්තුළ නලියන කාලකන්නි සතුට යනු රටේ විනාශය තමන්ගේ ජය සළකුණ යැයි කල්පනාකරන්නන්ගේ අග‍්‍රඵලය වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *