නෝවිජියානු ලේඛක ජෝන් ෆොස්ට 2023 සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය

0

නෝවිජියානු ලේඛකයෙකු සහ නාට්‍ය රචකයෙකු වන ජෝන් ෆොස්ට සාහිත්‍ය සඳහා වන ගෞරවනීය නොබෙල් ත්‍යාගය හිමිව ඇත. මෙම ගෞරවය පිරිනමන ස්වීඩන් ඇකඩමිය ෆොස්ගේ අද්විතීය නාට්‍ය සහ වචනවලින් පැවසීමට අපහසු දේවල් ප‍්‍රකාශ කරන ලේඛන සඳහා ප‍්‍රශංසා කළේය.

64 වැනි වියේ පසුවන ජෝන් ෆෝසේ නෝර්වේහි ඉතා ප‍්‍රසිද්ධ නාට්‍ය රචකයෙක් වන අතර මේ වන විට ඔහු නාට්‍ය 40ක් පමණ නිර්මාණය කර ඇති අතර නවකතා, කෙටිකතා, ළමා පොත්, කවි සහ රචනා රාශියක්ද ලියා ඇත.

නොබෙල් සාහිත්‍ය කමිටුවේ සභාපති ඇන්ඩර්ස් ඔල්සන් සඳහන් කළේ ෆෝසේගේ කෘති නෝර්වේ භාෂාවට සහ ස්වභාවික සුන්දරත්වයට ගැඹුරින් සම්බන්ධ වී ඇති බවයි.

පසුගිය වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය ප‍්‍රදානය කරන ලද්දේ ප‍්‍රංශ ලේඛිකාවක් වන ඇනී අර්නෝක්ස් වෙතය. ඇය වයඹදිග ප‍්‍රංශයේ කුඩා නගරයක ජීවිතය පිළිබඳ රචනා කරන ලද විශිෂ්ට කෘතියක් ඇගයීම වස් මෙම සම්මානය පිරිනැමිය.

මේ අතර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය, යුරෝපීය සහ උතුරු ඇමරිකානු කතුවරුන් කෙරෙහි  ඕනෑවට වඩා අවධානය යොමු කිරීම සහ කාන්තා ත්‍යාගලාභීන්ගේ හිඟකම හේතුවෙන් විවේචනයට ලක්ව ඇති බවත් සඳහන් කළ යුතුය.

සාහිත්‍ය ත්‍යාගයට අමතරව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ සාමය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා වෙනත් නොබෙල් ත්‍යාග පිරිනමා ඇත. නොබෙල් ත්‍යාගය, මුදල් ත්‍යාගයක්, රන් පදක්කමක් සහ ඩිප්ලෝමාවක් සමඟ පැමිණෙන අතර දෙසැම්බර් මාසයේ පවත්වන උත්සවයක දී ස්වීඩනයේදී ප‍්‍රදානය කෙරේ.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *