ප්‍රාන්ත මැතිවරණ බලය මෝදිට.

0

ලබන වසරේ පැවැත්වෙන තීරණාත්මක මහ මැතිවරණයට පෙර ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණ හතරෙන් තුනක් ජය ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා යන ප්‍රාන්ත 4 ක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් බවයි මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

මේ අතර තෙලංගනා හැර සෙසු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ බලකොටු ලෙස සැලකෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා.

මෙම ප්‍රාන්ත තුනේ බහුතර බලයක් ද සහිතව දිගටම බලය රඳවා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වී ඇත්තේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 230 න්, 165 ක් භාරතීය ජනතා පක්ෂයට හිමි වී තිබෙන අතර රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 199 න් 115 ක් භාරතීය ජනතා පක්ෂය දිනා ගෙන තිබෙනවා.

රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 90 කි. භාරතීය ජනතා පක්ෂය දිනූ ආසන ගණන 56 ක්.

තෙලංගනා ප්‍රාන්තයේ බලයේ සිටියේ භාරත් රාෂ්ට්‍ර සමිති නමැති ප්‍රදේශීය පක්ෂයයි. කෙසේ නමුත් මෙවර මැතිවරණයෙන් ඔවුන්ට බලය අහිමි වී ඇති අතර, විපක්ෂය වූ කොංග්‍රසයට බලය හිමිවිය.

භාරතීය ජනතා පක්ෂය තෙවැනි ස්ථානයේ පසුවෙනවා.

තෙලංගනා ප්‍රාන්තයේ ආසන 119 කි. කොංග්‍රස් පක්ෂය ආසන 63 ක් හිමි කර ගනිමින් ජයග්‍රහණය කළා.

බලයේ සිටි භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයට මෙවර හිමිවූයේ ආසන 40 ක් පමණි.

භාරතීය ජනතා පක්ෂය තෙවැනි ස්ථානයට පත් වූයේ ආසන 8 ක් දිනා ගනිමිනි.

ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී තෙවැනි වාරය ලබා ගැනීම සඳහා මෝදි අග්‍රාමාත්‍යවරයා‍ගේ අපේක්ෂාව මෙම මැතිවරණය කැඩපතක් වනු ඇති බව විදෙස් දේශපාලන විශ්ලේශකයින් පෙන්වා දෙනවා.

තවද පාලක භාරතීය ජනතා පක්ෂයට කොංග්‍රස් පක්ෂයෙන් දැඩි අභියෝගයක් එල්ල නොවනු ඇති බව විශ්ලේශකයින්ගේ අදහස වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *