පුටින්ට හා හමාස් සංවිධානයට සාර්ථක වෙන්න දෙන්නේ නෑ – ජනපති ජෝ බයිඩන් කියයි.

0

රුසියානු ජනාධිපති පුටින්ගේ හා හමාස් සංවිධානයේ අභිලාෂයන් සාර්ථක කරගැනීමට ඉඩ නොදෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශකර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය කාර්යාලයේදී ජාතිය අමතමින් මෙය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී ජෝ බයිඩන්ගේ ප්‍රකාශය යුක්‍රේනයේ සහ ඊශ්‍රායලයේ පවතින ගැටුම් අරමුණු කරගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ.

මේ අතර  ජනාධිපතිවරයා කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටියේ ජාතීන් දෙකටම ආධාර ලබා දීමට කටයුතු කරන ලෙසයි.

ඒ සඳහා කොපමණ මුදලක් වෙන් කළ යුතුද යන්න ප්‍රකාශ කර නොමැති නමුත් ඩොලර් බිලියන 100ක් ඒ සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

යුක්‍රේනයේ බලය සහ පාලනය සඳහා ඇති පුටින්ගේ ආශාව නතර නොකළහොත් ඔහු යුක්‍රේනයෙන් පමණක් සීමා නොවන බවත් ඔහු සඳහන් කරනවා.

හමාස් සංවිධානය ලෝකයට නපුර මුදා හැර ඇති බව පැවසූ අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ඇමරිකානුවන්ගේ ආරක්ෂාවට වඩා මට ඉහළ ප්‍රමුඛතාවයක් ඔහුට නොමැති බවයි.

ඊශ්‍රායලය සහ යුක්‍රේනය සාර්ථක වීම සහතික කර ගැනීම ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *