බෙහෙත් නැතිව මියයන ගාසා.

0

බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් ගාසා තීරයේ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මියයා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට මිලියන 1.1ක සරණාගතයන් පිරිසක් නවාතැන් ගෙන සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ජනාකීර්ණ කඳවුරුවල දරුවන් අතර පාචනය සහ ශ්වසන ආසාදන පැතිරී ගොස් ඇතැයි ද, පිළිකාව වැනි නිදන්ගත රෝගීන්ට ද කිසිදු ප්‍රතිකාරයක් නොලැබී ඇතැයි විදෙස් මාද්‍ය සදහන් කරනවා.

මේ අතර ගාසා තීරයේ මේ වන විට බිඳ වැටී ඇති සෞඛ්‍ය පද්ධතිය සහ සනීපාරක්ෂක පහසුකම් යථා තත්ත්වයට පත් නොකළහොත් බොහෝ රෝගීන් ප්‍රතිකාර නොලබා මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාවක වන මාග්‍රට් හැරිස් පසුගියදා ජිනීවා නුවර පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ රෝහල්වල ඖෂධ, එන්නත්, පිරිසුදු ජලය සහ සනීපාරක්ෂාව බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

මේ අතර ගාසා තීරයෙන් මුදා හැරීමෙන් පසු තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු සහ තායි පුරවැසියන් හතර දෙනෙකු නැවතත් තම භූමියට පැමිණ ඇති බව ඊශ්‍රායලය පවසනවා .

එමෙන්ම තවත් පලස්තීන සිරකරුවන් 30 දෙනෙකු නිදහස් කළ බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය පවසා තිබෙනවා.

ඊයේ (29) දිනය වනවිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ආරම්භ කළ සටන් විරාමයේ හයවන දිනයවූ අතර එය කල් ඉකුත්වීමට පෙර මෙය දීර්ඝ කිරීමේ උත්සාහයක සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

හමාස් සංවිධානය දේශසීමා තරණය කරමින් ඔක්තෝම්බර් 7 වනදා එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1200ක් ඝාතනය වූ අතර තවත් 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණා.

එතැන් සිට ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ ළමුන් 6,000 ක් පමණ ඇතුළු 14,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *