මිනිසා අත්හැර විසඳුමක් නැත.

0

ගැටුම් නිරාකරණය වෙනම හැදැරිය යුතු විෂයක්. මානව වර්ගයාගේ ඉතිහාසය කියන්නෙම ගැටුම් වල ඉතිහාසයක් වී තිබීමත් ඒක වර්තමානයේදිත් අනාගතයේදීත් එලෙසම පවතිනු ඇති බවට තිබෙන නිසැක බවත් නිසා ගැටුම් නිරාකරණයට විද්‍යාවක් තිබීම මුලික මිනිස් වුවමණාවක් වන තරමට අවශ්‍යතාවයක්. ඒක කොහොම වුණත් විද්‍යාවක් තිබීම ප්‍රමාණවත් නැහැ. ඒක භාවිතාවේ යෙදීමත් වෙන්න ඔන. විශේෂයෙන්ම අනාගතයේ දී ඇති වෙන්න පුළුවන් ගැටුම් වලක්වාගැනීමට පුළුවන් වෙනවා නම් ඒක මානව වර්ගයා ලබන විශාලම ජයග්ර්හණයක්. මොකද අද මේ වෙමින් තියෙන ගැටුම් හින්දම ලෝකයේම මානව වර්ගයා මුහුණ දෙන ඛේදවාචක, මේකේ වැදගත්කම ලොකුවටම අවධාරණය කරලා තියෙන නිසා.
රටවල් අතර වගේම රට අභ්‍යන්තරයේ ප්‍රශ්න විසඳගන්න ගැටුම් නිරාකරණ විධික්‍රම තියෙනවා. විශේෂයෙන්ම බාහිර බලවේග රටකට කරන බලපෑම නිසා සිදු විය හැකි අනතුරුවලින් වලක්වා ගැනීමට නම් ගැටුම් නිරාකරණය ගැන පරිචයක් ඇති බුද්ධිමත් රාජ්‍ය නායකත්වයකත් වගේම බුද්ධිමත් ජනතාවක් ඉන්න ඕන.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත්තත් හැම පරම්පරාවක්ම දරුණු ගැටුම්කාරිත්වයකට මුහුණ දීලා තියෙනවා. ඒ බාහිර බලවේගවල හෝ රට අභ්‍යන්තරේ ගැටළු නිසා. ඒත් මේ ගැටුම් වලක්වා ගැනීම වෙනුවෙන් තිබුණේ ගොඩක් දුර්වල තත්වයක් කියන එකනම් රහසක් නොවෙයි. මේවා අවසන් වූණේ මළ කඳන් ගොඩගැසීමෙන්. රාජ්‍ය දේපොල විනාශ කරගෙන. ශිෂ්ඨ සම්පන්න රටක් නම් ඒක එහෙම වෙන්න ඕන නැහැ. ගැටුම නිවැරදි විදිහට කලමණාකරණයටත් අනාගතයේදී සිදුවිය හැකි තත්වයන් පාලනය කරගන්නත් ඒවාට නිවැරදි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතිං එහෙම කාලයක් දැන් ගෙවෙමින් තිබෙනවා කියලා හිත්නන් පුළුවන් දේවල් පහුගිය ටිකේ සිදුවුණා. රට බංකොලොත් වුණැයින් පස්සේ ආපහු දේවල් ගොඩගන්න ඕනකරන දේවල් ගොඩක් සිදු වුණේම අනාගතය ගැන ගොඩක් දුර කල්පනා කරලා. මේකෙදි රටෙන් බාහිර බලවේග ගැනත් සෑහෙන අවධානයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වලා තිබුණා.

ජනාධිපතිවරයා පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර වශයෙන් පෙනී සිටියේ ගෝලීය අර්බුද වලින් වෙන්න පුළුවන් බලපෑම මඟ හැරලා, මේ රටෙත් ඉන්දියානු සාගර කලාපයේත් සාමයත් සමෘද්ධියත් සහතික කරගන්න වැඩක. ආපහු ලෝක බලවතුන්ගේ භූ-දේශපාලනික මෙහෙයුම් වල ගොදුරක් බවට මෙම කලාපය පත්වීමේ අවදානමක් මතුවෙලා තියෙනවා. ඒක වලක්වාගැනීම ලෝක බලවතුන්ගේ අභිප්‍රාය විය යුතු බව ජනාධිපතිවරයා නිරන්තරයෙන් හඬ නැගීමක් කළා.
මේ ජාත්‍යන්තර මෙහෙයුමේ අගය බොහොමයක් අය ඒ බරින් තේරුම් ගත්තේ නැති වූණත් අද වෙන කොට ඊශ්‍රායල්-පලස්තීන ගැටුම නිසා පොදුවේ ලෝකයේ සියලුම රාජ්‍යයන්ට වන නරක බලපෑම තේරෙන්න පටන් අරගෙන තියෙනවා. පලස්තීනයට විසඳුමක් දෙන්න ලෝක බලවතුන් අසමත් කියලා රනිල් කිව්වේ මේ යුද්දේ පටන් ගන්නත් සති ගානකට කලින්. අලුත් නිර්මාණාත්මක විසඳුම් නැතිව ලෝකයට ඉස්සරහට යන්න බැරි බවත් කිව්වා. විසඳුම් හොයාගන්න බලවත් අය එක මේසයකට ඇවිත් කතාකරන්න කියලත් කිව්වා. එතකොට ජනාධිපති රනිල්ගේ විසඳුම වෙන්නෙත් හැම දෙනාගෙම එකඟතාවය, සහයෝගය අනුව දේවල් බෙදාහදාගෙන යන සාමකාමී ගමනක්. රනිල් මේ දකුණු ආසියානු කලාපයෙත්, ඉන්දියන් සාගරයට මායිම්ව තිබෙන සියළු රටවලත් ගැටුම් නිරාකරණයට යෝජනා කරන්නෙත් ඒක.

දකුණු ආසියානු කලාපය කියන්නේ යුධ ගිනි ඇවිල ගොඩක් වදවේදනා වලට මුහුණ දීපු පැත්තක්. ත්‍රස්තවාදය, දේශපාලන අර්බුද, ආර්ථික අර්බුදය කලාපයට ආවේනිකයි. සමහර විරසකයන්, කඩා වැටීම් මේ වෙද්දි යටපත් වෙලා තිබුණට මේවා අළු යට ගින්දර. මොක්ක හරි සිද්ධියකින් නැති නම් බාහිර බලපෑමකින් මහා ගිනි ජාලාවන් වෙන්න පුළුවන්.

මේ හින්දා කලාපීයේ රටවල් අතර සහයෝගිතාව වර්ධනය කරගෙන එකිනෙකා අතර විශ්වාසය අවබෝධය එක්ක, එකට යන ගමනක් අරමුණු කරගත්ත කලාපීය එකමුතුවක වැදගත් කම ජනාධිපතිවරයා දිගටම පෙන්වා දෙන කාරණයක්.
අද බුර බුරා ඇවිලෙනන පලස්තීන ඊශ්‍රායල් ගැටුම කියන්නෙත් ඒ කලාපීය විසරකයේ අර්බුදයක් කියලා තේරුම් ගත්තත් වැරදි නැහැ. මේ ගැටුමට ලොකු ඉතිහාසයක් තියෙනවා වගේම ලෝක බලවතුන්ගේ බලපෑම් නිසා සිදු වෙච්ච අලකලංචි ගොඩක් තියෙනවා. ජාතිය, ආගම, භූමිය පටලවා ගනිමින් මේ අර්බුදකාරී ඉතිහාසය ගොඩනැංවුණා වගේම අදත් විසඳුම් හොයන්න යන්නේ මේ පරණ සංකල්ප ආරක්ෂා කිරීම එක්ක. ඒත් ‘මිනිසා’ කියන වස්තුව අත්හැරලා. ඉවක් බවක් නැතිව ඝාතන සිදුවෙන්නේ ඒ නිසා. ජනාධිපති රනිල් යෝජනා කරන්නේ අලුත් වෙමු කියලා. මිනිසාව රැකගැනීම පළමුව විය යුතුයි කියලා.

……ලොකූ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *