මේ අලුත් අවුරුදු සැමරුම සම්ප්‍රදායට එහා ගිය දෙයකි

0

බක් මාසයක් කියන්නේ රටේ සෞභාග්‍යය සම්බන්ධ හොදම කිරා මැන බැලීම් සිදුවන මාසයක්. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මැදින් අලු‍ත් අවුරුදු චාරිත්‍ර ආරම්භ වන්නේ අස්වනු නෙලීමත් සමඟය. මේ තුළින් සංකේතවත් කෙරුණේ පසුගිය
වසරින් ගෞරවාන්විත ලෙසින් නික්මීම හා අලුත් අවුරුද්ද අභිමානවත් ආකාරයෙන් පිළිගැනීමයි.
එහෙත් ප්‍රශ්නයක් ඇත. අපට එසේ පිළිගැනීමට තරම් වන අලු‍ත් දෙයක් තිබෙනවාද යන්නය. ඒ පරණ’අවුරුද්ද ගෙවී ගිය’තත්වයන් මතකය. ඊටත් පෙර අවුරුද්ද තවමත් හොඳටම මතකය. ඒ 2022 අවුරුද්දය. ඒ අවුරුදු දවස් ගත වුයේ කොතැනකද කෙසේද යන්න මතකය ඇති සැමට අමතක වෙන්න හේතු නැත. තෙල් පෝලිම් ගෑස් පෝලිම් හා බඩු පෝලිම් තිබූ’අවුරුද්ද මතක නැතිවෙන්නට විදියක් නැත. අමාරුවෙන් අමතක කිරීමට අමතක කිරීමට බැරි තරම් මතකයන් බරපතලය. එහෙත් ඒ මතකය එසේ තිබියදී’අප 2023 වසරේ අලු‍ත් අවුරුද්ද ගැන කතා කරමු. පෙර තිබූ’අමාරුම අවධිය පසුකොට යන්තන් හිස ඔසවා යම් ආර්ථික තත්වයක් සමග අවුරුදු සැමරීමට ජනතාවට හැකි විය. ඒ ඒ වන විටත් ලංකාවේ ආර්ථික තත්වයන් නගා සිටුවීම සදහා මූලික අඩිතාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන තිබූ’නිසාය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතව පළමු වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබුණු බව පාර්ලිමේන්තුවේදී’ප්‍රකාශ’කරන්නේ 2023 මාර්තු මස 22 වන දිනය. එය එතෙක් වැටී’තිබූ’ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට යම් සහනක් විය. නැති භංගස්ථාන වී තිබූ’රටක ආර්ථිකය ගොඩනැගීමට අවුරුද්දක් කටේ තබාගෙන සැරසෙන්නට ලැබීම ජනතාවට සහනයක් නොවේද? ඒ සතුට තබා ඒ අවුරුද්ද සැමරීමට ජනතාවට හැකි විය. කෙසේ නමුත් ඒ අවුරුද්දේ අටුකොටු පුරවා ගැනීමට ගොවි තැන් කිරීමට තරම් වටාපිටාවක් නොතිබුණේ කාබනික පොහොර භාවිතය සම්බන්ධව පැවැති විකාරය හේතුවෙනි. එහෙත් රසායනික පොහොර භාවිතා කිරීමට අවසරය හා පොහොර සහන මිලට ලබාදීම හේතුවෙන් ගොවිතැන් යළි ආරම්භ කිරීමට ජනතාවට හැකියාව ලැබුනි. පසුගිය යල කන්නයේ එනම් පසුගිය ඔක්තෝබර් මාසයේ අස්වැන්නත් මේ වර්ෂයේ පෙබරවාරියෙන් අවසන් වූ’මහ කන්නයේ අස්වැන්නත් වර්තාගත ලෙස ඉහල ගොස් තිබු අතර වී’මිළදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 50 ක මුදලක් ලබාදීමට ජනාධිපතිවරයාගේ නියමයෙන් කටයුතු සිදු කරන ලදී. මේ නිසා පරණ අවුරුද්ද අවසන් වන විට අටු කොටපිරී’අලුත් අවුරුද්දට සූදානම් වීමේ හැකියාව ලැබිණි.
එහෙත් ගොවිතැන් බතක් නොකරන, හරි හමන් ආදායම් මාර්ගයන් නැතිවුණු අග හිඟකම් ඇති පිරිසක්ද වේ. ඔවුන් වෙත සහන සැලසීම සඳහා අප්‍රේල් මාසයේ හා මැයි මාසයේ සහල් කිලෝ 20ක් එම’පවුල් වෙත බෙදා දීමට කටයුතු යෙදීම තුළින් රජයක් ලෙස සමස්ත ජනතාවට අලුත් අවුරුදු සැමරීමට සහයක් වීම තවත් විශේෂ කටයුත්තකි. අලුත් අවුරුද්දු සතුට රැඳෙනුයේ අලුත් බලාපොරොත්තු සමඟ තමන්ට අවශ්‍ය’මූලික අවශ්‍යතා සම්පුර්ණ වී ඇති විටකය. අවුරුද්දු සමයේදී’මෙය කෙසේ හෝ ඉටු කර ගැනීමට ඕනෑම අයෙක් උත්සුක වේ. ඊට සහයක් රජයෙන් හිමිවීම මත මෙවර අවුරුද්ද සැමට එකසේ පරිපූර්ණව ගත කිරීමට හැකියාව ලැබී ඇත.
සල්ලි තිබේනම් හැමදාම අවුරුදු කියන්නේ අවුරුද්දට අතමිට සරුවී වියදම් කිරීමේ හැකියාව තිබිය යුතු නිසාය. රටේ අර්ථිකය යළි වර්ධනය වෙමින් පවතින බව හිටපු තත්වය අනුව දැන් ඉන්නා තැන ගැන ඕනෑම අයෙකුට අවබෝධ කරගත හැකිය. මහා භාණ්ඩාගාරය තඹ සතේට සින්ද වූ’රටක, සුළු කාලයකින් ගොඩ ඒමත් ඒ වෙනුවෙන් ජනතාවට සිය කරමත අධික බරක් පටවා ගැනීමට සිදුවීම ජනතාව රට වෙනුවෙන් කළ කැප කිරීමක් ලෙස දකින රජය මේ අවුරුදු සමය වන විට ඒ බර බොහෝ සෙයින් නිදහස් කිරීමට කටයුතු කර ඇත. එළවළු මිළ ක්‍රමයෙන් පහත වැටෙමින් පවතී. අප්‍රේල් මස මුල් සතිය තුළ’එළවළු මිළ තවදුරටත් අවම වෙනු ඇති බවත් සදහන්වේ. සෙසු ආහාර මිළත් ක්‍රමයෙන් අඩු වෙමින් තිබේ. ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වලත් විශාල මිල අඩුවීම් සිදු වෙමින් පවතී.
එමෙන්ම අනාගතය ගැන තිබු අවිශ්වාසයන් ද දැන් අඩුවෙමින් යළි රට ගොඩනැගෙන බවට විශ්වාසය ඇති වෙමින් ඇත. 2022 ජූලි මාසයේ මෙරට දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සෘණ 7.4ක් වූ’අතර 2023 අවසන් කාර්තුව වන විට එය 4.5ක් දක්වා ධනාත්මක වර්ධනයක් බවට පත්කරගැනීමට හැකිවී’ඇත. මෙය වසර දෙකක් තුළ’සිදුකළ’සැලකිය යුතු වෙනසක් වන අතර එය ආර්ථිකය නට්ටං වී ගිය වෙනත් රාජ්‍යයන් සමග සැසදීමේදී’සුවිශේෂී’තත්වයක් බවට වාර්තා පළ විය.
2022 ජූලි මාසයේ උද්ධමනය 54.6%ක් වූ’අතර අද වන විට උද්ධමනය .9% දක්වා පහළ බැස ඇත. මේ නිසාම උද්ධමනය පාලනය වන විට රුපියල ශක්තිමත් වීමත් සිදුවිය. එදා බැංකු පොළිය අනුපාතය 23.8% වූ’අතර මේ වන විට 10.3%ක් බවට පත් කිරීමේ හැකියාව ලැබී ඇත. මේ වර්ධනීය තත්වයන් නිසාම නැවත රටේ ආර්ථිකය කඩා නොවැටෙන්න තරම්
රැහැණකින් බැඳී ශක්තිමත් වෙමින් පවතින බවට ජනතා විශ්වාසය ගොඩනැගෙමින් ඇත.
මේ සංස්කෘතික මංගල්‍යය වඩාත් සතුටින් සමරන්නට වාසනාවන්ත වූ ලක්ෂ ගණනක් පවුල් අතරින් තවත් විශේෂ පිරිසක් වෙයි. ඒ දශක ගණනාවක් තිස්සේ හැබෑ කර ගැනීමට නොහැකිව තිබු තමන්ගෙම කියා සින්නකක්ර ඉඩමක් ලැබීමේ ප්‍රීතිය සමරන උරුමයේ උරුම කරුවන් වු ජනතාවය. ලියවිල්ලක් මගින් බුක්ති විඳීමට පමණක් තමන්ට ලැබී’තිබූ’ඉඩම, සින්නක්කර ඔප්පුවකින් අයිතිය ලැබීම ඔවුන්ගේ අනාගතය සවිමත් වීමකි. ඔවුන්ගේ පරම්පරාවම ගොඩනැංවීමකි. මේ වන විට උරුමය වැඩසටහන යටතේ දස දහස් ගණනකට ඔප්පු හිමි වී ඇත. සින්නක්කර ඔප්පුව තමන් අතට තවම නොලැබුණ අය සිටියත් මේ ලක්ෂ’22ක් වූ’පවුල් වල සියලුම දෙනාට ඉදිරි කාලයේදී නියත ලෙසම ඒ තමන් වෙත ලැබෙනවාය කියන බලාපොරොත්තුවත් සහිතව මෙවර අලුත් අවුරුදු සැමරුම මතක ඇති කාලයක සතුටු වූවාට වඩා සතුටින් බුක්ති විඳීමේ අවස්ථාව උදා වී ඇත. හිතේ බර සැහැල්ලු වී හිත සතුටෙන් පිරීම හැර වෙනත් දෙයක් අවුරුද්දේ නැත. ඒ සන්තුෂ්ටිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගෙනවිත් දී ඇත.
පවුල කේන්ද්‍රීයව වන සංවර්ධනය සේම ගම්දනව්වල සිදුවන සංවර්ධනයද උත්සවශ්‍රීයකට මඟ සලසන්නකි. මේ වන විට ග්‍රාමීය සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා අර්බුද සමයේ නොගෙවා සිටි විමධ්‍යගත අරමුදල් දැන් ගමේ මහජන නියෝජිතයන්ට හිමිව ඇත. අතපසු වූ ග්‍රාමීය සංවර්ධනය දැන් අරඹා ඇත. බොහෝ ස්ථානයන්හි කටයුතු නිමවෙමින් ද පවතී.
අනෙක් අතට රටේ ආර්ථිකයේ ශක්තිමත් භාවයේ ප්‍රධාන මෙවලමක් වූ සංචාරක කර්මාන්තය වේගයෙන් යහපත් මට්ටමක පත්වෙමින් ඇත. සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් වර්ධනය වී ඇත. පසුගිය මාස 4 තුළ’මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 6 ලක්ෂය ඉක්මවා තිබිණි. ඉන් උපයන ලද ආදායම ඩොලර් බිලියනයකට ආසන්නව තිබිණි. එම ඩොලර් ආදායම් රටේ විදේශ විනිමය සංචිතයන් ඉහල යාමටත් සංචාරක කලාපවල සංචාරක කර්මාන්තවල යෙදෙන්නන්ගේ අතමිට සරුවීමටත් හේතු වී ඇත. යම් කඩා වැටීමකට ලක්ව තිබු රටේ අපනයන කෘෂි සහ කාර්මික නිෂ්පාදන කර්මාන්ත පද්ධතියත් මේ වන විට යළි පණගහගෙන නැගී සිටිම සිදුවෙමින් පවතී. අලුත් අවුරුද්දක උදාවීම සැමරීමට තවත් හේතු කුමටද?’රටක සෞභාග්‍යයේ සමෘද්ධියේ වාසනාවේ සලකුණු මතුවන විට එය පිළිගැනීම විය යුතුය.’කුහක සිතුවිලි නැති නම් මේ අලුත් අවුරුද්ද සාදරයෙන් පිළිගැනීමට කිසිවකුට බැරි කමක් නැත. වැටී’සිටි අගාධයේ, ආර්ථික අර්බුදයේ තරම දැනගෙන සිටියේ නම්, ඒ දුෂ්කර කාල පරිච්ඡේදය අත්විඳ තිබුණේ නම් අද මේ ගෙවන සමය වෙනමත් සැමරිය යුතු තරම්ය.
කොහොම නමුත් පාරක තොටකට බැස බැලු විට ජනතාව අලුත් අවුරුදු ඉහළින් සැමරීමේ සුදානම දැකිය හැකිය. වෙළඳ සැල් පිරී ඉතිරී’යන්න සෙනග පිරිලාය. ඒ රටේ ජනතාවගේ හැටිය. සැමරිය යුතු දේ හැකි ඉහළින් සැමරීම සිරිතය. අගය කළ යුතු දේ ඉහළින්ම අගය කිරීම සිරිතය. පිළිගත යුතු දේ ඉහළින්ම පිළිගැනීම සිරිතය. අලුත් අවුරුද්දු සිරිත් ඉහළින්ම සැමරීමත් වෙන්නේ ඒ සිරිත අනුවය. එසේම අලුත් බලාපොරොත්තු එක්ක අලුත් අවුරුද්ද බාරගන්න පුළුවන් වෙන තැනට රට ගොඩනගා තිබීම මෙවර ඇති විශේෂ සැමරුමක්ද වෙයි. ඒ නිසා මේ 2024 අවුරුද්ද’සුවිශේෂීය. එය සාම්ප්‍රදායික අවුරුදු සැමරුමට වඩා දෙයක් එක්කර ඇත.
ඊට සුබ නැකත ලබා දුන් නායකයා ජනපති රනිල් වික්‍රමසිංහය. ජාතියේ වීරයා ඔහුය. මෙවර අලුත් අවුරුදු කුමාරයා ද ඔහුය.

…………..කේ.පී.අයි. ප්‍රියංගනී………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *