රනිල්ව දැන් මෙල්ල කරන්න බැහැ

0

රේස් එකේ ඉස්සරහෙන්ම යන කෙනා.. ඒ කියන්නේ අනිත් තරගකරුවන් සියලූ දෙනා පසු කරගෙන ඉස්සරහට එන කෙනාට තමන් පසු පසින් එන අය ගැන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය නිවැරදි නම් එයා දන්නවා ඒ කාටවත් තමන්ව පසු කරගෙන යන්න ඉඩ නොදී වේගය හා කාලය කලමනාකරණය කරගෙන ඉදිරියට යන්න. ඒ හැකියාව පරිණතකම තියෙන කෙනෙක්ව පරාජය කරන්න බැහැ. එයා ජය ගන්නවා. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ එහෙම කෙනෙක්. ඒත් අද එයා එයාගේ දේශපාලන ජීවිතයේ කප් එක අරගෙන ඉවරයි. ඒ කියන්නේ අනෙකෙකුට එයාව මෙල්ල කරන්න පුළුවන් සීමාව පැනලා තියෙන්නේ.

රනිල්ව අභිබවා යන්න හිතාගෙන තවමත් එයා පසුපස වැටුණ අය තමන්ගේ අභියෝගය විදිහට රනිල්ව දකිනවා නම් දැන් ඒක ලොකු වැරද්දක්. මේ රටේ දේශපාලනයේ දශකයක හමාරක ඉඳලා තිබුණ අභියෝගය වුණේ රනිල්ව අභිබවා යෑමට සමත් වෙන එක. දක්ෂිණාංශක හෝ වේවා වාමාංශික හෝ වේවා රනිල්ව අභිබවා යෑම දේශපාලනික ජයග‍්‍රහණය වෙනුවෙන් සිදුකළ යුතු වීමේ විශාල අභියෝගයක් තිබුණා. මේ කියන්නේ මැතිවරණයකින් පරාජය කිරීම ගැන නෙවෙයි. ඒවා කොහොම හරි කරන්න පුළුවන්. ඒත් දේශපාලනිකව මතවාදීව පරාජය කිරීම තමයි වැඬේ.. ඒක ලෙහෙසි නැහැ. විශේෂයෙන්ම තමන්ගේ මතවාදය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නඟලා ජයග‍්‍රහණයන් අත්පත් කරගෙන ඉන්නකොට ඒක කරන්න බැහැ.

මෙතනදි රනිල් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි මතවාදයක්. ජයග‍්‍රහණය කරපු මතවාදයක්. ඒකත් එක තැන පල් වුණු හණ මිටි මතවාදයක් වුණේ නැහැ. නිරන්තරයෙන් අප්ඬේට් වෙන, නිරන්තරයෙන් ක‍්‍රියාත්මක වන සකී‍්‍රය බලවේගයක්. 

පසුගිය දවසක සජිත් පේ‍්‍රමදාස පාර්ලිමේන්තුවේදී කියනවා එයාල දැන් වෙනස් කියලා.. ඒ කිව්වෙ රනිල්ගේ න්‍යායයි එයාලගේ න්‍යායයි දැන් වෙනස් කියලා. සජිත් න්‍යාය විදිහට අදහස් කරපු දේ කිව්වා.. නමුත් න්‍යායක් කියන්නේ මොකක්ද කියල නොදන්න සජිත් තමන්ගේ න්‍යාය විදිහට කිව්වෙ මානුෂික ධනවාදයක් ගැන. රනිල්ගේ න්‍යාය විදිහට කිව්වේ ගජමිතුරු ධනවාදයක් ගැන. ධනවාදය ඇතුලේ මානුෂික හරි අමානුෂික හරි ගජමිතුරු හරි පසමිතුරු කියල න්‍යායයන් නැහැ. ඒවා පුද්ගල භාවිතාවන් ගැන තියෙන විවේචන. නැතිනම් ආකර්ෂණිය මැතිවරණ සටන් පාඨ. ගැලරි චූන් කරන්න ඒවා හොඳයි. 

අනෙක සජිත්ට තමන්ගේ දේශපාලනය තුළ මේ කියන ගජමිතුරු බව නැතිද? අනුර කුමාරලා වගේ වාමාංශික ලේබලයෙන් ඉන්න අයට මේ ගජමිතුරු දේශපාලනය නැතිද? ඒක එහෙම නෙවෙයි කියල කවුරුත් දන්නවා. තමන්ගේ මිතුරක්, මිතුරු බලවේගයක් ආරක්ෂා කිරීම දේශපාලනයේ ආවේනික ලක්ෂණයක්..

ඒ දේශපාලන බලවේගයක්ද ව්‍යාපාරික හරි ජාවාරම්කාර හරි බලවේගයක්ද කියන එක අදාළ කරගන්නේ නැහැ. දේශපාලනය කියන්නේ බලය වෙනුවෙන් බලවේග එකතුකරන එක. එතනදි හතුරු මිතුරු කතා වලංගු වෙන්නේ නැහැ. ඒත් ඒක නෙවෙයි වැඬේ.. මේ මිතුරුකම් හරි සතුරුකම් හරි තිබියදීත් දේශපාලන න්‍යායක් තුළ නොවෙනස්ව ඉදලා වැඩ කිරීමයි. මතවාදයක් හැදෙන්නෙ එහෙම.. තමන් දැන් න්‍යාය මාරුකරලා කියලා කියන අයට මේ ගුණය නැහැ.

 රනිල් කියන්නෙම මතවාදයක් කියල කලින් කිව්වේ රනිල්ගේ දේශපාලනයේ පුද්ගලික හතුරන් මිතුරන් නඩත්තු කිරීමක් නැති නිසා. එයා පෙනී සිටියේම මතවාදයක් වෙනුවෙන්. ඒ නිසා එයාට පැහැදිලි න්‍යායක් තිබුණා. එහෙම මතවාදයක් න්‍යායක් නැතිව මොන කෙහෙම්මල කළත් රනිල්ව අභිබවා යන්න මේ කාටවත් පුළුවන් වුණේ නැහැ.

සජිත්ල දැන් අපි වෙනස් කියල කියන්නේ රනිල් හමුවේ පරාජය බාරගත්තට පස්සේ. කොච්චර වලි කෑවත් රනිල්ව අභිබවා යන්න බැරි බව දැනගත්තට පස්සේ.. අනුරලා හැමදාම හිටියේ රනිල් පසුපසින් පරාජය බාරගෙන. රනිල්ව පහුකරන්න බැරි බව දැනගෙන. ඉතින් මේ අයට දිනන්න පුළුවන් වෙන්නේ රනිල් නැති තැනක විතරයි. ඒත් දැන් රනිල් දිනලා ඉන්නේ. තවත් අය එක්ක තරගයක් නැහැ. විපක්ෂයට ට‍්‍රැක් මාරු කරන්න වෙන්නෙම රනිල් දිනලා කියල දැනගෙන ඉන්න නිසා

ලොකු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *