රස්නය වැඩි වී බංග්ලාදේශයේ පාසල් වසයි

0

ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිපලයක් ලෙස බංග්ලාදේශයේ මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් එරට සියලු ප්‍රාථමික පාසල් මෙම 27වැනිදා දක්වා වසා තැබීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මේ අනුව බංග්ලාදේශයේ පාසල් සිසුන් මිලියන 33කට නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිපලයක් වශයෙන් බංග්ලාදේශයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 42ක් (ෆැරන්හයිට් අංශක 108) දකවා ඉහළ ගොස් තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *