රුසියාවේ අගනගරයට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් – ISIS සංවිධානය වගකීම භාරගනී

0

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 60දෙනෙකු පමණ මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබෙන අතර ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ත්‍රස්ත පිරිස් ප්‍රහාරය සඳහා, දැවැන්ත ගින්නක් ඇති කරමින් පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිත කර ඇති බව රුසියානු ප්‍රවෘත්ති සේවා වාර්තා කරනවා.

මේ වන විට එම ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් සදහන් කරන්නේ.

අදාළ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ට අමතරව 145 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *