ලිතුවේනියාවේ සංචාරයක නිරත වූ යුක්‍රේන ජනපතිගෙන් ඉල්ලීම් රැසක්

0

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ලිතුවේනියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී තවත් ගුවන් ආරක්ෂක අවි සපයන ලෙස බටහිර රටවල නායකයින් වෙත ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ජනාධිපතිවරයා පවසා ඇත්තේ ගුවන් ආරක්ෂක පද්ධති හිඟය නැතිකර ගැනීම සදහා ලිතුවේනියාව සහ තවත් බොහෝ හවුල්කරුවන් සමග ගිවිසුම් ඇති කර ගැනීම ගැන තමා සතුටු වන බවයි.

ලිතුවේනියාව යුක්‍රේනයට විශාලතම මිලිටරි ආධාර සපයන්නා වන අතර යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ දායකත්වයද බෙහෙවින් වැදගත් වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

පසුගිය දිනවල යුක්‍රේන නායකයා බටහිර රටවල නායකයින් සමග අත්‍යවශ්‍ය අවි බෙදාහැරීම් පවත්වාගෙන යාමේ අරමුණින් සාකච්ඡා පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *