විපක්ෂයේ IMF නරිවාදමට Sorry.

0

”කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා” කියා කියමනක් ඇත. ඒ වචන පරිස්සම් කර නොගැනීම නිසා සිදුවන නින්දාව ගැන පහදන්නටය. සතිය අවසානයේ විපක්ෂයට අත්වූයේ එවැනි තත්වයකට මුහුණ දීමටය. ඒ ෂඵත්‍ විස්තීර්ණ ණය පහසුකමෙහි දෙවැනි වාරිකය ලබාගැනීම සම්බන්ධව සහ මෙරට විදෙස් ණය ප‍්‍රශස්තකරණය සම්බන්ධව කරපු කියපු කතා නිසාය.

ඊට උදාහරණ ලෙස මේ ගැන නරිවාදන් හාදයන් දෙදෙනෙක් හොඳටම ප‍්‍රමාණවත් ය. එයින් එක් අයෙකු නම් විපක්ෂ නායක සජිත්ය. අනෙක් කෙනා ජවිපෙ – ජාජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්ය.

දිනෙන් දින හීනවන වෙන්ඩ ජනාධිපති හීනයෙන් ආතුරව සිටින විපක්ෂනායකවරයා දැන් දේශපාලනය කරන්නේ පාසල්වලය. ඒ ගිහින් කියන බොරු ලැයිස්තුවේ පසුගිය කාලයේ උඩින්ම තිබුණේ IMF විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට දෙවන වාරිකය ප‍්‍රමාදවීම ගැනය. පසුගිය දිනක පිටිසරබද පාසලකට ගිය විපක්ෂනායක එහිදී කියන්නේ, ආණ්ඩුවේ ප‍්‍රායෝගික නොවන ප‍්‍රතිපත්තිය පිළිබඳව IMF සංවිධානය පවා කණස්සල්ලට පත්ව ඇති බවය. රාජ්‍ය ආදායම් ඉලක්ක වෙත ළඟා වීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති පසුබිමක ෂඵත්‍ විසින් ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය මුදා හැරීම අත්හිටුවා ඇති බවය.

විපක්ෂ නායක එහෙම කියන විට මන්ත‍්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී කිව්වේ, ලෝකයේ රටවල්වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණයවලින් එක ඩොලර් එකක් වත් තවම කපා ගෙන නැති බවය. ෂී ජින් පිං එක්ක පොටෝ එකේ මැද හිටගෙන හිටියාට ණය සතයක්වත් කපා ගන්නට නොහැකි වී ඇතැයි ද කීවේය. අදට වඩා හෙට හොඳයි කියා හැමදාම කයිවාරු ගහන බවත් අවුරුදු එකහමාරක් තිස්සේ වෙච්ච දෙයක් නැති බවත් කිව්වේය.

වැඬේ කියන්නේ මේ නරිවාදන්වලට මේ සතිය ඇතුළේම හැරෙන තැපෑලෙන් ප‍්‍රතිචාර ලැබීමය. එයත් ආණ්ඩුව පැත්තෙන් නොව, අනෙක් පාර්ශ්ව වෙතින්ම ලැබීමය.
විපක්ෂ නායක සජිත් පච කියමින් පාසල් ළමුන් රවටමින් සතුටු වෙන අතරේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිවේදනය නිකුත් කළේය.

ඒ ශ‍්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 03ක මාස 48ක විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක‍්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බවය.

ඒ IMF කළමනාකාරිත්වය සහ ෂඵත්‍ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්වය. ශ‍්‍රී ලංකාව සඳහා වූ IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප‍්‍රධානී පීටර් බෲවර් සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප‍්‍රධානී විසින් මෙම නිවේදනය නිකුත්කර ඇති අතර ඒ මෙරට වගකිව යුතු පාර්ශ්ව සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව සහ මොරොක්කෝහි පැවති වාර්ෂික රැුස්වීම් අතරතුරදීය.
ඒ අනුව IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කළ පසු ශ‍්‍රී ලංකාවට දෙවන වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක් හිමි වීමට නියමිතය. එසේ වුවහොත් ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 660ක් දක්වා ඉහළ යන්නේය.

IMF නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ ප‍්‍රතිසංස්කරණ පළ දැරීමට පටන් ගෙන ඇති බවත් ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරන බවත් ය. ආණ්ඩුව එදිනෙදා ප‍්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සහ පරිපාලන දුර්වලතා සහ දූෂණ අවදානම්වලට නිසි විසඳුම් ලබාදීම, ආර්ථිකය කල්පවත්නා ප‍්‍රකෘතියක් සහ ස්ථාවර වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ඉතා වැදගත් වන බවද එහිදී අවධාරණය කර ඇත.
එසේම ඉදිරි කාලය තුළ, අදාළ සියලූ‍ම පූර්ව ක‍්‍රියාමාර්ග ශ‍්‍රී ලංකා බලධාරීන් විසින් ක‍්‍රියාත්මක කළ යුතු වන අතර ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම් කාලානුරූපීව සහ වැඩසටහනෙහි ණය ඉලක්කවලට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ඇති කිරීම තහවුරු කළ යුතුව ඇත. විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය සඳහා ශ‍්‍රී ලංකා බලධාරීන් කැපවී සිටින අතර, ඔවුන්ගේ ප‍්‍රතිසංස්කරණ ප‍්‍රයත්නයන් ප‍්‍රශංසනීය බවද IMF සිය නිවේදනයෙහි සඳහන් කර ඇත්තේය.

එසේම උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70ක උපරිමයේ සිට 2023 සැප්තැම්බර් මාසයේදී සියයට 1.3 දක්වා පහත වැටී ඇත. මේ වසරේ මාර්තු-ජූනි කාලය තුළ දළ ජාත්‍යන්තර සංචිත ඩොලර් බිලියන 1.5 කින් ඉහළ ගොස් ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ද අඩු වී ඇත.
අවශ්‍ය බදු ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හැරීම් සක‍්‍රීයව තුරන් කිරීම ම`ගින් ආදායම් ඉහළ නැංවීමට සහ වඩා හොඳ පාලනයක් සඳහා වන බලධාරීන්ගේ කැපවීම අගය කරන බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකා බලධාරීන් දේශීය ණය ක‍්‍රියාකාරිත්වය අනුගමනය කරමින්, තීරණාත්මක ඊළඟ පියවර වන්නේ IMF විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද වැඩසටහන් පරාමිතීන්වලට යටත්ව සහ ණය ඉලක්කවලට අනුකූලව, ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් නිල ණය හිමියන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමය. ශ‍්‍රී ලංකාව සහ චීනයේ අපනයන-ආනයන බැංකුව අතර ඇති තාවකාලික ගිවිසුමක් පිළිබඳව තම අවධානය යොමුව ඇති බවත් එය ලැබුණු පසු තොරතුරු විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.

තවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවේ සියලූ‍ම නිල ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් සපයන ලද මූල්‍ය සහතිකවලට අනුකූලව සුදුසු ණය ගෙවීම් ක‍්‍රමවේදයක් අනුව ඉදිරියට යාමට එකඟ වන ලෙසය. වාණිජ ණයහිමියන් සහ ශ‍්‍රී ලංකාව අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බව තමන් වටහාගෙන ඇති අතර ශක්තිමත් ලෙස ණය තිරසාරභාවය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතාවයද IMF විසින් අවධාරණය කර ඇත.
IMF එහෙම කියන විට පසුගියදා මොරොක්කෝවේ, මරකේෂ් හී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වු මාධ්‍ය හමුවක් අවස්ථාවේ එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ද මෙසේ සඳහන් කර තිබිණ.

”ශ‍්‍රී ලංකාව දුෂ්කරතාවයට මුහුණ දෙද්දි එය මැදි ආදායම් ලබන රටක්. නමුත් කොවිඞ් බලපෑම් සහ ඇතිවූ අස්ථාවරයන් හමුවේ එම තත්ත්වය පහතට වැටුණා. ශ‍්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට පත්වුණා. මැදි ආදායම් රටක් වූ ශ‍්‍රී ලංකාව මුහුණ පෑ අර්බුදය නිසා එය පොදු රාමුවක් තුළ විසඳාගත නොහැකි තත්වයක් බවට පත්වුණා. ඒ නිසයි පොදු රාමුවක් තුළ මෙම අර්බුදය ආමන්ත‍්‍රණය කිරීමට සුදුසුකම් ලැබිය නොහැකි තත්ත්වයකට පත්වුණේ.

මම සිතන්නේ අනෙක් බොහෝ ඒවාට සාපේක්ෂව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ‍්‍රී ලංකාව ලබාගන්න විසඳුම් ඉතා යහපත් මට්ටමක පවතිනවා වගේම ඉතා වේගවත්. මම අන් අයට එරෙහිව පොදු රාමුව ගැන තීන්දුවක් ලබාදෙන්නේ නැත. නමුත් පොදුවේ අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ තවත් බොහෝ ආයතනවල එම ක‍්‍රම්වේදය වේගවත් විය යුතු බවට පැවැසෙනවා. එහිදී ශ‍්‍රී ලංකාවේ යෝජනා වඩා වේගයෙන් සිදුවෙමින් පවතිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟහා ඉන්දීය සභාපතිත්වය හිමි ලෝක බැංකුව සමඟස්වෛරීත්ව ණය සම්බන්ධයෙන් ණයහිමි කමිටු පිහිටුවීමේදී, ශ‍්‍රී ලංකාවේ ණය අර්බුද ගැටලූ‍ව පිළිබඳව අප සාකච්ඡා කළා. ඒ වගේම එම තත්වය ඉදිරි අනාගතයේ ඕනෑම රටක් සඳහා යොදාගත හැකි ආකාරයෙන් සැලකිල්ලට ගත යුතුයි. එම ක‍්‍රමවේදය මගින් ඉතා වේගවත් ලෙස විසඳුම් ලබාදෙමින් ක‍්‍රියාවට නැංවිය හැකි බවයි මම සිතන්නේ.”

න්දියාව කියන්නේ මෙරට ප‍්‍රධාන ණය හිමියෙක්ය. මෙරට ප‍්‍රධාන ණය හිමියෙක් එසේ කියන විට, මෙරට විපක්ෂ නායක සජිත්, පාසල් දරුවන් හමුවේ කියන්නේ ”බදු ගැසීමෙන්ම පමණක් රාජ්‍ය ආදායම වැඩි කරන්න බැහැ. ඒ සඳහා රට තුළ ආදායම් උත්පාදනය කළ යුතුයි. එහෙත් වර්තමාන ආණ්ඩුව සිදු කරන්නේ ආර්ථිකය හකුළුවමින්, ජනතාවගේ සුළු, සුළු ප‍්‍රශ්නවලට තාවකාලික විසඳුම් සෙවීමයි.” කියාය. ඒ අනුව විපක්ෂ නායකගේ ඉස්කෝල පචවල තරම තේරුම් ගැනීම දුෂ්කර නැත. සැබවින්ම විපක්ෂ නායකගේ ඉස්කෝල පච පෙනුමෙන් ආණ්ඩු විරෝධී බව ඇත්තය. නමුත් ඒ ප‍්‍රකාශවල හරයේ ඇත්තේ මේ රට ඉතිහාසයේ මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදයෙන් ගළවා ගැනීම සම්බන්ධයෙන් වන වෛරයක් ය. ඒ වෛරය තවත් උත්සන්නව ඇත්තේ තමන් වගකීම පැහැර හැර පළාගිය අවස්ථාවේ වගකීම බාරගත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය මධ්‍යයේ රට ගොඩ ගැනීමය.

විපක්ෂ නායක පමණක් නොව ”ලෝකය වටේ ගියාට එක ඩොලරයකින් ණය අඩු කරගත්තද?” අහන ජවිපෙ-ජජබ විජිතලාද තවදුරටත් සියලූ‍ නපුරන් වපුරමින් ජනප‍්‍රිය දේශපාලනයේ නිරත වන්නේ මේ රට ගොඩනගන වැඩපිළිවෙල අඩපණ කිරීමටය. ඒ හරහා බලය ගන්නටය. බලය ගත්තට පස්සේ කරන දේ ගැන වැඩපිළිවෙලක් ද ඔවුන්ට නැත. සැබවින්ම ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙල වෙනුවට විකල්පයක් විපක්ෂයට නැත. ඔවුන් කරන්නේ විවිධ වචන තෝරන් මඟින් තම අඩුව වසා ගෙන වාසිය ගන්නට බැලීමය. එහි අවසානය මිලියන 22ක් වන මෙරට ජනතාවගේ ඉරණම ආර්ථික සුසානයකට ගෙනයාමට බව යන්න ගැන නම් කවුරුත් කුකුසක් තබා ගත යුතු නැත.

කෙසේ හෝ වේවා විපක්ෂය කොතරම් නපුරු සිහින දැක්කත් වත්මන් අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවර ආර්ථිකයක් ඇතිකිරීමට අදාළව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය යළි යළිත් තහවුරු වෙමින් තිබීම රටේ මෙන්ම මිලියන 22 ක මෙරට ජනතාවගේද වාසනාවය. ඒ කියන්නේ හෙට විපක්ෂය කියන ආකාරයට නම් කොහෙත්ම අඳුරු නොවන බවය. ඒ ගැන තහවුරු කෙරුණේ 3 වන ”එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමට චීනයට ගිය ජනාධිපතිවරයා, චීන මුදල් අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ය.

එහිදී චීන මුදල් අමාත්‍යවරයා පැහැදිළිවම සඳහන් කර සිටියේ ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බවය. ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට තිබෙන බව මෙහිදී පැවසූ චීන මුදල් අමාත්‍යවරයා එම අර්බුදයෙන් ගොඩඒම උදෙසා ශ‍්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක‍්‍රියාමාර්ගවල ප‍්‍රගතිය ද ඇගයීමට ලක් කළේය. එසේම ශ‍්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය හුවමාරු කාර්යයන් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීම සිදු වූ අතර චීනය සමඟ සමීපව කටයුතු කරන වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ශ‍්‍රී ලංකාවට සහාය ලබාදන ලෙස ඉල්ලා සිටින බවද චීන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එපමණක් නොව එම සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං හමුවූ අවස්ථාවේ ඔහුද සහතික කර සිටියේ ශ‍්‍රි ලංකාවේ ණය ප‍්‍රශස්තකරණ වැඩපිළිවෙළ උදෙසා සුහද, ප‍්‍රායෝගික හා කඩිනම් සහාය ලබාදීමට චිනය කටයුතු කරන බවටය. එපමණක් නොව ශ‍්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමූළුවේ දී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිදු කළ කතාව මඟින් ශ‍්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වාධීනත්වය පිළිඹිබු වූ බවද සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාව දරණ මධ්‍යස්ථ ස්ථාවරය ද ඇගයීමට ලක් කළේය.

එසේම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ දැවැන්ත අර්බුදයකට ලක්ව සිටි ලාංකිය සමාජය ඉන් මුදවාගෙන සංවර්ධන මාවතකට යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය. ජනපති රනිල්ගේ රට ගොඩනගන වැඩසටහනට අදාළ චීන ප‍්‍රතිචාරය එසේය. ඒ කියන්නේ පැරිස් සමාජය, චීනය මෙන්ම ඉන්දියාව යන මෙරට ප‍්‍රධාන ණය හිමියන් වෙතින් ණය ප‍්‍රශස්තකරණයට අදාළ එකඟතා ලබාගැනීමට ජනාධිපති රනිල් සමත්ව ඇති බවය. දැන් ඇත්තේ මෙතැනින් ඉදිරියට යන්නය. ඒ හමුවේ පුදුම විය යුතුව ඇත්තේ විපක්ෂයේ නරි වාදන් රෙද්ද පළලෙන් නොබේරුනොත් නොවේද?

කුසල් ජයම්පති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *