සත්‍ය සෙවීමේ කොමිසම, සාමකාමී ජනතාවට මිස යුදවාදීන්ට නොවේ.

0

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, යුක්තිය සහ තිරසාර සංවර්ධනය කරා යන ගමනේ සුවිශේෂී පියවරක් ලෙස ‘සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාව’ පිහිටුවීමට රජය තීරණයකර තිබේ. මෙය ඓතිහාසික දේශපාලනික තීරණයක් ලෙස සැලකිය හැකිය. උතුරු නැඟෙනහිර කේන්ද්‍රකරගත් වාර්ගික යුද්ධය අවසන් වීමත් සමඟ මෙම කොමිසම පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරුණු නමුත් ඒ යථාර්ථයක් වීම දිගින් දිගටම ප්‍රමාද වූ තත්වයන් හමුවේ වත්මන් රජය මෙම පියවර ගැනීම අතිශය වැදගත් තීන්දුවකි.
මෙම යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් එම පනත් කෙටුම්පත මේ වනවිට සකස් කෙරෙමින් පවතී. එම පනත් කෙටුම්පතට අදාළ මහජනතාවගෙන් අදහස් ලබාගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව රජය විසින් නිවේදනය කොට තිබේ.

සත්‍ය කොමිසම කුමක් සඳහා ද?

ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය 2009 දී නිල වශයෙන් අවසන් විය. රජයේ හමුදා සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (ඛඔඔෑ) අතර පැවැති ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දුක්ගැනවිලි, අවිශ්වාසය සහ කම්පනය වැනි සංකීර්ණ ව්‍යාකූලතාවයන් අදටත් රටේ ඉදිරිගමනට විශේෂයෙන් රටේ සංවර්ධනයට ප්‍රධානතම අවහිරයක් බාධාවක්ව පවතී. පශ්චාත් යුදසමයේ මිනිස් සාමුහිකත්වය ගොඩනැගීමට බාධාවක්ව ඇති මෙම ගැටලු එදා යුදවැදුණු දෙපාර්ශවයේම පිරිස් විසින් සිදුකරන ලද කුරිරුකම්, සැහැසිකම් සේම ම්ලේච්ඡත්වයන් පිළිබඳ සාධාරණයක් ඉටු නොවීම නිසාම වින්දිතයෝ අදටත් මහමග රැස්කමින් යුක්තියේ සාධාරණත්වය අයදිමින් සිටිති.

ඔවුන්ගේ මේ ඉල්ලීම් අසාධාරණ යැයි කිසිවකුට කිව නොහැක. මන්ද උපදින සියලු මිනිසුන්ට ජීවත්වීමේ අයිතිය ඇති බව ලෝකයම පිළිගන්නා සත්‍යය වන බැවිනි. එනිසාම ලංකාවේ වින්දිත පාර්ශවයන්ට සාධාරණය ඉටුවිය යුතුය. යුක්තිය පසිඳලිය යුතුය. වන්දි හිමිවිය යුතුය. අවිශ්වාසය දුරුකළ යුතුය. ඒ වෙනුවෙන් රජය ගතහැකි යුක්තිගරුක සාධාරණ සහ විශ්වාසනීය පියවර ගතයුතුව තිබේ.

රට පුරා ජනතාව යුද්ධය අවසන් වීම නිසා සැනසුම් සුසුම් හෙළු අතර එතැන් පටන් ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව රජයන නව යුගයක් ආරම්භ වනු ඇතැයි සිහින දුටුහ. පශ්චාත් යුද සමය විශේෂයෙන් උතුරේ හා නැගෙනහිර දුක්විදී ජනතාවගේ හදවත් දිනා ගැනීම සඳහා පෙර නොවූ විරූ ස්වර්ණමය අවස්ථාවක් විය. කෙසේ වෙතත් එය අදටත් නොවෙනස්ව ජාතිවාදය, ආගම්වාදය මත පදනම් වූ චින්තනයක සිරවූ මිනිසුන් අනෙකා කෙරේ සැකයෙන් අවිශ්වාසයෙන් කටයුතු කරමින් සිටියි. එය රටේ යහපත, සංවර්ධනය වෙනුවෙන් වෙනස් කළ යුතු යැයි පැවැති සෑම රජයක්ම කල්පනා කළා විය යුතුය. නමුත් ඒ සැලසුම්වල අරමුණ දිනා ගැනීමට අපොහෝසත් වීම ද පැවැති පශ්චත්තාපයන් තවතවත් වර්ධනය කිරීමට හේතු විය.

යුද්ධය අවසන් වූ නමුත් එතැන් පටන් අද දක්වා වූ කෑකෑරෙන ගැටළු සඳහා විසඳුම් යෝජනා, මෙන්ම කොමිසන් සභා ගණනාවක් ද පිහිටු වීමට පැවැති රජයන් කටයුතු කළ බව අමතක නොකළ යුතුය. දශක තුනක යුද්ධය ආශ්‍රිත සිදුවුනු ‘දේවල් ගැන සොයා බැලීම සදහා 2006 දී උදලාගම කොමිසම, 2011 දී උගත් පාඩම් හා සංහිඳයා කොමිසම, 2013 දී පරණගම කොමිසම ආදිය පත්කරන ලදමුත් ඉන් සැලකිය යුතු සාධාරණයක් වින්දිත පාර්ශවයන්ට ඉටු වූ බවක් දක්නට නැත. මේ කොමිසන් සභා පිහිටුවීම සම්බන්ධයෙන් දෙස් විදෙස් මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වූයේ ද ඒ හේතුවෙනි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම පත්කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පැවසූයේ මෙවැන්නකි.

“ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවේ වගවීම පිළිබඳ ප්‍රශ්නය මතුකරන හැම විටම ලංකාවේ ආණ්ඩුව කරන්නේ කොමිසමක් පත්කිරීමයි. බොහෝ කල්ගන්නා එවැනි කොමිෂන් සභාවලින් අත්වූ සෙතක් ඇත්තේම නැත.“ කියාය.

මෙකී විඳවීම් සහිත පශ්චත්තාපී ඛේදනීය අත්දැකීම්වලින් පිරුණු සමාජයකට අලුතින් “සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම” තවත් එක් විගඩමක් නොවිය යුතුය යන්න, 2022 බලයට පත්වූ ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙනේ. විශේෂයෙන් මේ සඳහා විදේශ අමාත්‍ය අලි සබි්‍ර සහ අදාළ නිලධාරීන්ගේ මැදිහත් වීම හා කැපවීම, හෙට දවසේ සංහිඳියාවේ බලාපොරොත්තු සාර්ථක කරගැනීමට ඉවහල් වනු ඇත.

ස්වාධීන කොමිෂන් සභාව

අතිශය බරපතල කඩාවැටීමකට ලක්ව තිබූ රට නැවත ආර්ථිකවත්, සමාජයීයවත් ශක්තිමත් කොට ස්ථාවර රටක් ගොඩනැගීමේ මූලික අරමුණ ඇතිව පසුගිය වසරේ බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉතා කෙටි කාලයක් තුළ දියත් කළ සැලසුම් සහගත වැඩපිළිවෙල, අද සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගැනීමට සමත් ව ඇති බව පෙනේ. කෙසේ වෙතත් රටේ සංවර්ධනය යනු ආර්ථික සංවර්ධනය පමණක් නොව සමාජ සංවර්ධනය ද අත්‍යවශ්‍යය යන අවබෝධය ඇතිව සාමය, සංහිඳියාව ගොඩනැගීම කෙරේ අවශ්‍ය කටයුතු කිරීමට ද රජය මුල සිටම පියවර ගත්තේය. එහි මූලික පියවරයන් ලෙස අදාළ පාර්ශ්වයන් හා සාකච්ඡා කරමින් අවශ්‍ය අනපනත් සකසමින්, දැනුම්වත් කරමින් ඉදිරියට ගෙන ආ වැඩපිළිවෙල නුදුරේදී “සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාව“ මහජනතාව හමුවට ගෙන එනු ඇත. එහි කර්තව්‍ය හා අරමුණු සැකවින් මෙසේය.

පශ්චාත් ගැටුම් සමයෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් සත්‍ය තහවුරු කරගැනීමට හැකි වන සහ සංහිඳියාව, වන්දි ගෙවීම සහ තිරසාර සාමය සඳහා අවශ්‍ය වන පහසුකම් සැලසීම මූලික අරමුණ වෙයි.

ජනතාව අතීතයේ මුහුණ දුන් ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් මිදීමට අවැසි ප්‍රධාන අංගයක් වන සත්‍යය සොයාගැනීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඇති අනුලංඝණීය අයිතිය, පිළිගනිමින් මෙම යෝජිත කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

ජාතික සමඟිය, සාමය, නීතියේ ආධිපත්‍ය, සහජීවනය, සමානාත්මතාවය, ඉවසීම, විවිධත්වයට ගරු කිරීම සහ ශ්‍රී ලංකීය ජනතාව අතර සංහිඳියාව තහවුරු කර ශක්තිමත් කිරීමට මෙම කොමිසම ක්‍රියා කරනු ඇත.

ශ්‍රී ලංකාවේ බහු වාර්ගික සහ විවිධ ප්‍රජාවන් අතර ඇති නොගැළපීම් සහ අනාගතයේ නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීමට යෝජිත කොමිෂන් සභාව මගින් අපේක්ෂිතය.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (ඛඛඍක්‍) ඇතුළු ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධාන ප්‍රයත්නයට අදාළව පත්කර තිබූ පසුගිය කොමිෂන් සභා කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සමාලෝචනය කිරීම, සලකා බැලීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමට ද මෙම කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

රජය විසින් 2006 දී පිහිටුවන ලද සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බලකාය විසින් සම්පාදනය කරන ලද සොයාගැනීම් ද මෙම කොමිෂන් සභාව විසින් සැලකිල්ලට යොමු වනු ඇත.

යෝජිත නව නීතිය බලාත්මක වන තෙක්, සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ෂීඔඍඵ) නමින් අන්තර්වාර ආයතනයක් පිහිටුවීමට ද රජය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ”සත්‍යය සඳහා ස්වාධීන කොමිෂන් සභාව” ගැටුම් හෝ අධිකාරීවාදී පාලන කාලවලදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, යුද අපරාධ හෝ වෙනත් බරපතල උල්ලංඝනයන් විමර්ශනය කිරීමට සහ ලේඛනගත කිරීමට රජයන් හෝ ජාත්‍යන්තර සංවිධාන විසින් පිහිටුවන ලද ස්වාධීන ආයතනක් විය යුතුය යන්න අවිවාදිතය. ඒ සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කොට ඇති රජය යෝජිත ස්වාධීන කොමිෂන් සභාව කිසිඳු දේශපාලන බලපෑමකින් තොරව අපක්ෂපාතීව කටයුතු කරන බවට සහතික කිරීම සඳහා රජය කැපවී සිටින බව සඵත කර ඇත.

මෙවැනි සත්‍ය කොමිෂන් සභා සඳහා ජාත්‍යන්තර සුප්‍රසිද්ධ අත්දැකීම් අතර වර්ණභේදවාදී සමයේ මානව හිමිකම් කඩකිරීම් විමර්ශනය කළ දකුණු අප්‍රිකානු සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ ආදිවාසීන්ට රටේ නේවාසික පාසල් පද්ධතියෙහි බලපෑම විමර්ශනය කළ කැනඩාවේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම පෙන්වා දිය හැකිය. මෙකී කොමිසන් සභා වල සාර්ථකත්වය එකී රටවල සංවර්ධනය කෙරේ සුවිශේෂී බලපෑමක් සිදුකොට ඇති බව පෙනේ.

දකුණු අප්‍රිකානු අත්දැකීම

දකුණු අප්‍රිකාවේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (ඔඍක්‍) වර්ණභේදවාදී යුගයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියාවලට පිළියම් යෙදීමෙන් සහ ජාතික සුව කිරීමේ ක්‍රියාවලියක් පෝෂණය කරමින් රටේ සංවර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබේ. වර්ණභේදවාදයේ අවසානයෙන් පසු 1995 දී ඔඍක්‍ පිහිටුවන ලද්දේ වර්ණභේදවාදී යුගයේ සෑම පාර්ශවයක්ම විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ සාහසික ක්‍රියා පිළිබඳ සත්‍ය අනාවරණය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස සහ පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ සත්‍යය, යුක්තිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි.

දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම ක්‍රියා කළ ආකාරය පිළිබඳ සැකවින් කරුණු කිහිපයක් මෙසේය.

වර්ණභේදවාදී යුගයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සත්‍යය හෙළි කිරීමට ඔඍක්‍ උත්සාහ කළේය. අතීතයේ ඓතිහාසික වාර්තාවක් නිර්මාණය කරමින් වින්දිතයින්ට සහ අපරාධකරුවන්ට ඔවුන්ගේ අත්දැකීම් සහ සාක්ෂි බෙදාගැනීමට එය වේදිකාවක් සැපයීය.

සිදු වූ අපයෝජනයන් පිළිබඳ සවිස්තරාත්මක ඓතිහාසික වාර්තාවක් සඳහා දායක වෙමින් සමාව ලබාගැනීම සඳහා අපරාධකරුවන්ට ඔවුන්ගේ අපරාධ පාපොච්චාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලදී.

වින්දිතයින්ට සහ අපරාධකරුවන්ට ඔවුන්ගේ කථා බෙදාගැනීමට අවකාශයක් නිර්මාණය කිරීම මගින් ඔඍක්‍ දකුණු අප්‍රිකානුවන් අතර සංහිඳියාව පිළිබඳ හැඟීමක් ඇති කිරීම අරමුණු කළේය. මහජන සාක්ෂි මගින් ප්‍රචණ්ඩත්වය සහ සාහසික ක්‍රියා පිටුපස ඇති මිනිස් මුහුණු දැකීමට, අවබෝධය සහ සංවේදනය සඳහා පහසුකම් සැලසීමට ඉඩ සැලසීය.

සංහිඳියාව පිළිබඳ අවධාරණය වර්ණභේදවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී සහ සියල්ලන් ඇතුළත් දකුණු අප්‍රිකාවක් දක්වා සාමකාමී සංක්‍රමණයක් ප්‍රවර්ධනය කරමින් පුළුල් පළිගැනීම් සහ පළිගැනීම් වැළැක්වීමට උපකාරී විය.

ඔඍක්‍ හි සමාවදීමේ ක්‍රියාවලිය සැලසුම් කරඇත්තේ යුක්තිය ඉටු කරගැනීම සහ සංහිඳියාවේ අවශ්‍යතාවය සමතුලිත කිරීම සඳහාය. ඔවුන්ගේ ක්‍රියාවන් සහ චේතනාවන් සම්පූර්ණයෙන් හෙළි කළ අපරාධකරුවන්ට අපරාධ නඩු පැවරීමෙන් ඔවුන්ව ගලවා, සමාව සඳහා ඉල්ලුම් කළ හැකිය.

මතභේදාත්මක වුවත්, පොදු සමා ක්‍රියාවලිය සමහර පුද්ගලයන් සත්‍යය හෙළි කිරීමට දිරිගැන්වීමේ කාර්යභාරයක් ඉටු කළ අතර සංහිඳියාව සහ සමාජ සුවය පිළිබඳ පුළුල් අරමුණු සඳහා දායක විය.

වින්දිතයන් සහ අපරාධකරුවන් අතර සංවාදය, අවබෝධය සහ සංවේදනය ප්‍රවර්ධනය කිරීම මගින් දකුණු අප්‍රිකානුවන් අතර සංහිඳියාව ඇති කිරීම ඔඍක්‍ හි අරමුණ විය. එය බෙදී ගිය අතීතයෙන් රට ඉදිරියට ගෙන යාමට සහ වඩාත් ඇතුළත් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට උත්සාහ කළේය.

එසේම දකුණු අප්‍රිකානු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම සිය ප්‍රතිපත්ති නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය ද සුවිශේය.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම අතීතය කෙරෙහි පමණක් අවධානය යොමු කළේ නැත. එය පද්ධතිමය ගැටළු ආමන්ත්‍රණය කිරීම සහ අනාගත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැලැක්වීම සඳහා නිර්දේශ ද ඉදිරිපත් කළේය. මෙම නිර්දේශ ආයතනික ප්‍රතිසංස්කරණ, අධ්‍යාපනය සහ සමාජ-ආර්ථික සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය කරයි.

කොමිසමෙහි නිර්දේශ වර්ණභේදවාදයේ උරුමයන් ආමන්ත්‍රණය කිරීම සහ වඩාත් සාධාරණ සහ සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා මාර්ග සිතියමක් සපයන ලදී.

එපමණක් නොව විනිවිදභාවය, වගවීම සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කරමින් දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ස්ථාපිත කිරීමටත් අතීතයේ සිදු වූ අසාධාරණයන් විවෘතව විසඳීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ස්ථාපිත කිරීම වෙනුවෙන් දායක විය.

මෙම සත්‍ය කොමිසම වෙනත් පශ්චාත් ගැටුම් සමාජවල සත්‍ය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් සඳහා ආදර්ශයක් ලෙස කටයුතු කළේය. ජාතික සුවය සහ සංහිඳියාව පෝෂණය කිරීමෙහිලා එහි සාර්ථකත්වය ගැටුම් සහ මානව හිමිකම් උල්ලංඝන ඉතිහාසයක් සමඟ පොරබදමින් සිටින අනෙකුත් රටවලට බලගතු ආදර්ශයක් ද විය.

වර්ණභේදවාදයෙන් බැට කෑ ඉතිහාසයක් වෙනස් කිරීමට දායක වූ දකුණු අප්‍රිකානු සත්‍ය කොමිසමේ අත්දැකීම හෙට දවසේ අපේ රටේ සමාජ සාධාරණත්වය සංහිඳියා ගොඩනැගීම කෙරේ ඉවහල් කරගත හැකිය. නමුත් මෙම සාධාරණත්වයේ උත්සාහය හෙට දවසේ සියලු රටවැසියන්ගේ යහපත වෙනුවෙන් වුවද අද දවසේ මීට එරෙහි වන්නෝ අපරිපූර්ණ මිනිස් චින්තනයන් සහිත යුද උන්මාදයෙන් ඔද්දල් වූවෝ නොවන්නේ දැයි විමසා බැලිය යුතුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *