සමාජ මාධ්‍ය ත්‍රස්තවාදයට ලෝකයේම නීති ඇත. අපට නැද්ද?

0

ඔබට  ඕනෑම දෙයක් කිරීමේ නිදහස ඇත. එහෙත් ඒ නිදහස අනෙකාගේ නහය කෙළවරින් අවසන් වන බව දැන සිටිය යුතු බවට වන ප‍්‍රසිද්ධ කියමනක් තිබේ. මෙහි අන්තර්ගත වන්නේ තමාට රිසි සේ නිදහස්ව හැසිරිය හැකි නමුත් එය අනෙක් පුද්ගලයකුගේ නිදහසට හානි පමුණුවාලීමට හැකි තැනට පත් නොවිය යුතු බවය. මෙය ශිෂ්ට මානව ගුණයකි. චර්යාවකි. සෑම පුද්ගලයකුගේම ස්වයං විනය තුළ පැවැතිය යුත්තකි. එහෙත් අවාසනාවකට එහෙම පුද්ගලයන් විරලය. ඒ අනුව මෙම විනයගරුකත්වය වර්ථමාන සමාජය තුළින් අත්පත් කරගැනීමට සිදුව ඇත්තේ නීති පැනවීම ම`ගිනි.

කෙසේ නමුත් මේ වන විට සම්මත නීති රාමුවක් ලෙස මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට නියමිතව ඇති ”මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත”‍ සම්බන්ධයෙන් සමාජයේ කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් නිර්මාණය වෙමින් පවතී. ඒ මෙම පනත මගින් භාෂණයේ ලේඛනයේ ප‍්‍රකාශනයේ නිදහස සීමා කිරීමට වන විලංගු දැමීමක් සිදුවන බවට වන විරෝධයක් පැන නැගී තිබේ.

සමාජ මාධ්‍ය මගින් සමාජයට හෝ පුද්ගලයාට සිදුවන බලපෑමේ ප‍්‍රමාණයන් විවිධ පාර්ශ්වයන් විසින් විවිධ ලෙස අර්ථ දක්වා ඇත. මෙහිදී මේ අර්ථ දැක්වීම් කොතරම් දුරට මානව නිදහස ඇගයීම උදෙසා වනවාද යන්න සම්බන්ධයෙන් කතා බහට ලක් විය යුතුව ඇත. එය ද නිදහස් සාමකාමී කතා බහකින් අවසන් කළ නොහැකි වටපිටාවකට පැමිණෙන්නේ නම් එය සිදුකරන්න වන්නේත් නෛතික රාමුවකට සීමා වෙමින්ය. අද සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නීති අවශ්‍ය බවට සමාජීය ඉල්ලීමක්ම නිර්මාණය වන්නේ මේ තුළ තිබෙන ගැටුම්කාරීත්වය සමාජ ව්‍යවසනයක් දක්වා මෝදු වෙමින් පැවැතීම නිසාය. කෙසේ නමුත් මෙහිදී නිර්මාණය වන නීති රාමුව කුමක් විය යුතුද යන්න සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට වඩා ඊට මුළුමනින්ම විරෝධය දැක්වීම් වඩාත් ඉස්මතුව ඇත. (මේ සම්බන්ධයෙන් පසුගිය කලාපයේ කරුණු සාකච්ඡා විය)

විටින් විට ලංකාව තුළ පැනනඟින සමාජ මාධ්‍ය භාවිතාවේ ගැටළු බොහෝ විට සමාජීය තත්වයන් හා සමපාත වේ. එසේ වනුයේ මේ සමාජය බොහෝ සංස්කෘතික අගතීන්ගෙන් පිරුණු ගෝත‍්‍රික සමාජ භාවිතාවක් සහිත වීම හේතු කොට ගෙනය. ලොව පුරා පුළුල්ව පැතිරුණ සමාජ මාධ්‍ය වේදිකාවක් මතට සංස්කෘතික අගතීන් පිරුණු සමාජයක් පොළාපැනීමේදි විය හැකි අනතුරු අද සමාජය අත්වි`දිමින් තිබේ. ඒ කොතරම් විෂකාරකද යන්න දන්නේ එයින් අගතියට පත්වූවන්ය. තඹ දොයිතුවකට මනුස්සකම් නොසලකන, නීති රීතීන් ආචාර ධර්ම නොසලකන, ජාති ආගමික වර්ගවාදී ආදී මානසික ව්‍යාධීන් ක‍්‍රියාත්මක වීම තුළ සමාජ මාධ්‍ය යනු අනෙකාගේ නිදහස කෙලෙසන තැනක් වීම අනිවාර්යයකි.

මෙම නව පනත් කෙටුම්පතට අනුව, මෙම ජරාජීර්ණ තත්වයන් සමාජීය වශයෙන් හෝ පුද්ගල වශයෙන් වැලැක්වීම වෙනුවෙන් මුලිකව මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිසන් සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇත. ඒ හරහා නීතියෙන් තහනම් කාර්යයන් වැලැක්වීම වෙනුවෙන් ක‍්‍රමවේද ගණනාවක් ද යෝජනා කර ඇත.

එහෙත් මෙම නීති පැනවීම සම්බන්ධයෙන් විරෝධයන් මතු කරමින් සිටින්නේ ලෝකයේ කොහේවත් නැති මාධ්‍ය මර්දනයක් රජය ක‍්‍රියාත්මක කරන බව හුවා දක්වමින්ය. සමාජ මාධ්‍යයේ සිග‍්‍ර වර්ධනය සහ එහි සංනිවේදන ප‍්‍රබලත්වය එහි බලපෑම මත මේ වන විට ලොව පුරා රටවල් රාශියක සමාජ මාධ්‍ය සදහා වන නීති රාමු ගොඩනගා අවසන්ය. එනම් මෙය පාලනය කිරීමෙන් තොරව යහපත් සමාජ සංස්කෘතික පරිසරයක් පවත්වාගෙන යාම  ඕනෑම රාජ්‍ය පාලනයකදී අභියෝගයක් වන නිසාය. රාජ්‍යයන් මගින් මෙකී සීමා පැනවීම් හා නීති ක‍්‍රියාත්මක කිරීමට බලපෑවේ මූලික වශයෙන්ම පුද්ගල නිදහස සම්බන්ධයෙන් රටක් පරිස්සම් කළ යුතු අවම ගුණයන් හෝ සපුරාලීම අරමුණ කරගෙනය.

මේ අතර සිංගප්පූරු රජය විසින් සමාජ මාධ්‍ය සම්බන්ධව ක‍්‍රියාත්මක කරන පනත සුවිශේෂී වේ. ඊට අනුෂාංගික පනත් 04ක් මගින් ද සමාජ මාධ්‍ය භාවිතයේදී සිදුවන නීති විරෝධී කාර්යයන් වැලැක්වීම සදහා නීති ප‍්‍රතිපාදන පනවා ඇත. පහත දැක්වෙන එකී මූලික පනත් හි මූලික අන්තර්යයි.

1. ප‍්‍රකාශන හිමිකම් පනත

මේ අනුව සමාජ මාධ්‍ය තුළ අන්‍ය ප‍්‍රකාශන හිමිකමක් සහිත දේ (අවසරයකින් තොරව) භාවිතා කිරීම, ප‍්‍රකාශන හිමිකම් පනත උල්ලංඝනය කිරීමකි. 119(2) වගන්තියට අනුව, මුල් හිමිකරුට ලබා දිය හැකි සහන ලෙස වාරණ, හානි, ලාභ හෝ ව්‍යවස්ථාපිත හානි පිළිබඳ සඳහන් කර ඇති අතර එක් එක් වරද සඳහා ඩොලර් 10,000 සිට 200,000 දක්වා දණ්ඩනයන් ඇතුළත් වේ.

2. අපහාස පනත

සමාජ මාධ්‍යවල කරන  ඕනෑම අපහාසාත්මක ප‍්‍රකාශයක් අපහාස පනත උල්ලංඝනය කිරීමට හේතු වේ. සමාජ මාධ්‍යවල අපකීර්තිය සහ එහි ප‍්‍රතිවිපාක මත නඩු පැවරීමේ ක‍්‍රියාවලීන් කිහිපයක පැටලීමට හේතු විය හැක.

3. හිරිහැරවලින් ආරක්ෂා කිරීමේ පනත

මෙය අපහාස කිරීමේ පනතට සමාන වන අතර, වින්දිතයාගේ විශ්වසනීයත්වය අඩු කිරීමට හෝ ඔහුගේ/ඇයගේ කීර්ති නාමයට බලපෑම් කිරීමට වඩා වින්දිතයාට හිරිහැර කිරීම, අනතුරු ඇඟවීම හෝ පීඩාවක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. හිරිහැරවලින් ආරක්ෂා කිරීමේ පනතේ 11 සහ 12 වගන්තිවල සඳහන් වන්නේ සමාජ මාධ්‍යවල හිරිහැර සිදු කළහොත් සිවිල් ක‍්‍රියාදාමයන් හෝ ආරක්ෂණ නියෝගයක් පවා පිළියම් වන බවයි.

4. දේශද්‍රෝහී පනත

දේශද්‍රෝහී පනත විශේෂයෙන් අවධානය යොමු කරන්නේ රජයට හෝ යුක්තිය පසිඳලීමට එරෙහිව වෛරයක් හෝ අවමානයක් ගෙන ඒමට උත්සාහ කරන හෝ සිංගප්පූරුවේ විවිධ ජාතීන් අතර අමනාප හැඟීම් ප‍්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍යකරුවන් කෙරෙහි ය. එහි 5 වැනි වගන්තියට අනුව දේශද්‍රෝහී ක‍්‍රියාවලට වැරදිකරුවන් වන අයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ප‍්‍රසිද්ධියේ නඩු පවරනු ලැබේ.

5. දණ්ඩ නීති සංග‍්‍රහය

සමාජ මාධ්‍ය තුළ නිශ්චිත පුද්ගලයෙකුගේ වාර්ගික හෝ ආගමික හැඟීම් හිතාමතා තුවාල කිරීම හෝ විවිධ වාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර සතුරුකම් ඇති කිරීමට උත්සාහ කරන සේවකයින් දණ්ඩ නීති සංග‍්‍රහයේ 298 ඒ වගන්තිය උල්ලංඝනය කරයි. 298 ඒ(ඉ) වගන්තිය අනුව ඔවුන්ට වසර 3ක් දක්වා සිරදඬුවමක්, දඩයක් හෝ ඒ දෙකෙන්ම දඬුවම් ලැබෙනු ඇත.

6. අන්තර්ජාල භාවිතයේ කේතය

ෂඵෘ් හි අන්තර්ජාල ප‍්‍රායෝගික නීති සංග‍්‍රහය යනු අන්තර්ජාලයේ, එනම් සමාජ මාධ්‍යවල පළ කළ හැකි හෝ කළ නොහැකි දේ පිළිබඳව ව්‍යාපාර හිමිකරුවන් පිළිපැදිය යුතු රෙගුලාසියකි. උදාහරණයක් ලෙස, අන්තර්ජාල භාවිත නීති සංග‍්‍රහයේ (4)(2)(ෙ) ඡේදය ප‍්‍රචණ්ඩත්වය හෝ කෲරත්වය නිරූපණය කිරීමට පළ කිරීම්වලට ඉඩ නොදේ. විකාශන පනත යටතේ, අන්තර්ජාල නීති සංග‍්‍රහයට අනුකූල නොවන සමාගම්වලට දඩ සහ සම්බාධක පැනවීමට ෂඵෘ් වෙත බලය ඇත.

ඉහත දැක්වූ සමාජ මාධ්‍ය සම්බන්ධ පනත් නීති හා සිංගප්පූරුවේ ඇතැම් පොදු නීතින්ද බලාත්මක වන අතර ඒ අනුව ඊට අනුකූලව සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේ හැකියාව ඇත.

මීටම නොදෙවැනි සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ පනත් බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ජර්මනිය, චීනය වැනි රාජ්‍යයන්හි බලාත්මක කොට ඇති අතර මෙතෙක් ක‍්‍රියාත්මක වූ නීතින්ට අනුගතව හා නව නීති පද්ධතීන් සමග සම්බන්ධව බලාත්මක කොට ඇත. විශේෂයෙන්ම චීනයේ සාමාන්‍යයෙන් ලොව පුරා ක‍්‍රියාත්මක ජනප‍්‍රිය සමාජ මාධ්‍ය බොහොමයක් තහනම් වන අතර චීන ජාතිකයන්ට අවසර ඇත්තේ රාජ්‍ය පාලනය සහිතව තිබෙන සමාජ මාධ්‍ය පමණක් වේ. එයද සීමා පැනවීම් හා නීති ක‍්‍රියාත්මක වීම් මතය. ඒ අනුව සමාජ මාධ්‍ය දූෂණයන් සිදුවීමේ ඉඩ මුළුමනින්ම අහුරා දමා ඇත.

සමාජ මාධ්‍ය ජාලා පරිශීලනයේදී බි‍්‍රතාන්‍ය රජය විසින් එකී පරිශීලකයන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව වැඩපිළිවෙලක් දියත් කොට ඇති අතර සමාජ මාධ්‍ය නියාමනය අතරට එකී මානසික සෞඛ්‍ය ගැටළු සොයාබැලීමද අන්තර් ගත කොට ඇත.

මීට අමතරව සමාජ මාධ්‍ය ජාලා සමාගම් වෙත බි‍්‍රතාන්‍ය තුළ පරිශීලනය කළ යුතු අංගයන් සීමා සහිත කිරීමට සමාජ මාධ්‍ය නියාමන පනත මගින් බලය ලබා දී ඇත.

එසේම සමාජ මාධ්‍ය ජාලාවන්හි පළවන සම්මත කොට ගත් නීති ප‍්‍රකාරව දක්වා ඇති නීති විරෝධී පුවත් ප‍්‍රකාශ කරන්නන්ට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් දක්වා වන දඩයකට නියම කොට ඇත.

අදාළ නීති පද්ධතීන් යුරෝපා සංගමය මගින් ව්‍යාප්ත කරන ලද නීති රෙගුලාසි හා බද්ධ කොට ඇති අතර ඒ අනුව ජර්මනිය, ප‍්‍රංශය වැනි රාජ්‍යයන්ට අදාළ නීති පද්ධතීන්ද මීට අනුෂාංගිකව

ඇතුළත් කොට ඇත. මෙහි වන සුවිශේෂීතාවයන් වන්නේ සත්ව හිංසනය හා බාල අපරාධයන් සම්බන්ධයෙන් වන නීතිය ඉතා බලවත්ව ක‍්‍රියාත්මක කිරීමය. ඒ අනුව සමාජ මාධ්‍ය පද්ධතීන් සම්බන්ධයෙන් ගොඩ නගා ඇති භැර‘ෘඨ නීතිය ජර්මනිය විසින් ඇතුළත් කොට ඇත. බි‍්‍රතාන්‍ය රජය ෆේස්බුක්, එක්ස්, සහ ටික්ටොක් වැනි නියාමනය කිරීමට නව සැලසුම් ප‍්‍රකාශයට පත් කර ඇති අතර හානිකර හෝ නීති විරෝධී අන්තර්ගතයන්ගෙන් ඔවුන්ගේ පරිශීලකයින්-විශේෂයෙන් තරුණයින් ආරක්ෂා කිරීමේ වගකීම අන්තර්ජාල සමාගම් විසින් ගන්නා බව සහතික කොට ඇත.

කෙසේ ඉහත උදාහරණ කිහිපය තුළ ලෝක සමාජ මධ්‍ය ක‍්‍රියාකාරීත්වයට අදාළ නීති රෙගුලාසි ක‍්‍රියාත්මක කිරීම බලගැනීවීමට අදාළ අන පනත් කොතරම් ක‍්‍රියාත්මකද යන්න වටහා ගත හැකි වන අතර ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට සම්පාදනය වෙමින් පවතින ”මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත”‍ නුදුරේදීම පාර්ලිමේන්තුව හමුවේ සම්මත වුවහොත් සමාජ මාධ්‍ය අපරාධයන් වැඩි මනත් ප‍්‍රමාණයක් වලක්වාලිය හැකි වේ.

මෙකී පනත සම්බන්ධයෙන් විවේචකයන් කොතරම් ගෝරනාඩු සිදු කරමින් පැවැතියද ලොව පුරා සම්මත වූ නීති පද්ධතීන්ට අනුනුකූලව ලංකාව තුළ සිදුවෙමින් පවතින සයිබර් අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට නම් අනිවාරණීය ලෙස නෛතික රාමුවක් බලාත්මක කළ යුතුව ඇත. නොඑසේ නම් මානව අයිතීන් මුවාවෙන් සිදුවන සමාජ මාධ්‍ය ජාලා අපරාධයන් වර්ධනය වී අයෙකු වෙත ද්වේශ සහගත වෛරී භාවිතාවන් වැඩි වනු ඇත.

ඒ අනුව පසුගියදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සදහන් කොට සිටි පරිදි ”ලෝකයේ  ඕනෑම රටක පවතින මාධ්‍ය රටේ නීතියට යටත්ව ක‍්‍රියාත්මක වුණා. නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම සියලූ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සාකච්ඡාවක් ඇති කළ යුතුයි. බොහෝ විට යුරෝපයේ තිබෙන නීතියට සියලූ‍ දෙනා එකඟතාවය පළ කරාවි” යනුවෙනි. ඒ අනුව ලෝකය ගමන් කරනුයේ එක් යායක් ලෙස මානව ප‍්‍රගතිය උදෙසා නම් අප එහි පුරුකක් වනු විනා ඉන් මිදී ගෝත‍්‍රිකයන් වීමට අවශය නැත මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත‍ අවශ්‍ය වනුයේ එකී ප‍්‍රගතිය අත්පත් කර ගැනීම උදෙසාය. කෙසේ නමුත් මේ වන විට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම් පත වඩාත් අර්ථදායක ලෙස සංශෝධනයට ඉඩක් රජය විවර කර ඇති අතර ඒ අනුව හොඳම දේ රටට ලැබෙනු ඇත.

කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *