සරණාගත කඳවුරකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන් – 70ක් මිය ගිහින්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීර මධ්‍යයේ පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ සිටි පුද්ගලයන් 70 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි.

කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාවමෙම ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින් රැසක් අල්-අක්සා රෝහල වෙත ගෙන යන ලද අතර ඇතැම් දරුවන්ගේ මුහුණු රුධිරයෙන් වැසී ඇති බවද බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.