හමාස් අණදෙන මධ්‍යස්ථානය සොයා ඊශ්‍රායල හමුදාවෙන් අල් ෂිෆා රෝහලට ප්‍රහාරයක්.

0

හමාස් සංවිධානයේ යටිතල පහසුකම්, අවි ආයුධ සහ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටා ඇතැයි අනුමාන කරන ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහලට ඊශ්‍රායල හමුදාව ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ සෙබළුන් රෝහලට ඇතුළුවීමට පැය භාගයකට පෙර රෝහල් බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී ඇති අතර, රෝහල් අධ්‍යක්ෂවරයාට වහා පිටවී යන ලෙස නියෝග කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

රෝගීන් සහ අලුත උපන් බිලිඳුන් අතහැර රෝහලෙන් පිටවිය නොහැකි බව ඊශ්‍රායල හමුදාවට දන්වමින් එම නියෝගය අල් ෂිෆා රෝහලේ අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

අල් ෂිෆා රෝහල් භූමියේ උමඟක් ඇතැයි ද , එම උමඟ තුළ හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානය පිහිටා ඇතැයි ද කියමින් ඊශ්‍රායල හමුදාව සම්පූර්ණයෙන්ම එම රෝහල වට කර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව රෝහලට ඇතුළුවීමට පෙර දුම් බෝම්බ එල්ල කළ බවත්, එය ආඝ්‍ර­ාණය කිරීමෙන් රෝගීන් සහ ළදරුවන් මහත් අපහසුතාවට පත් වූ බවත් විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

තවද රෝහලට ඇතුළු වූ ඊශ්‍රායල හමුදා සෙබළුන් රෝගීන් වෙත ගොස් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල හමුදාව රෝහලේ ෙල්‍යකර්ම ගොඩනැගිල්ලේ පහළ මාලයේ එක් ප්‍රදේශයක් පුපුරුවා හැර ඇතැයි ද, රෝහල් භූමියේ සිටි සිවිල් පුද්ගලයන් 30 දෙනකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර, ඊශ්‍රායල යුද ටැංකි 15ක් පමණ රෝහල් භූමියට ඇතුළු වී ඇතැයි වැඩිදුරටත් සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *