හොඳම ඡායාරූපයේ සම්මානය අවුරුදු 8ක දැරියකට

0

එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රියාත්මක වන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට අවුරුදු 8ක දැරියක් සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන, මෙම රාජකීය සම්මාන උළෙලේ (RSPCA Young Photographer awards 2023) හොඳම ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ අට හැවිරිදි දැරියක වන ජේමී ස්මාට්ය.

ඇයට මේ සම්මානය හිමි වූයේ ඇගේ සුරතල් කළුකුමාගේ සමීප ඡායාරූපයකට බවයි වාර්තා වන්නේ

වේල්සයේදී පසුගියදා පැවැති එම සම්මාන උලෙළේ තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය සඳහා තරගකරුවන් 6,000කට වඩා ඉදිරිපත් වී සිටි බවයි වාර්තා වන්නේ.

දශක තුනක ඉතිහාසයකට හිමිකම් කියන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය දිනා ගත් ළාබාලතම ඡායාරූප ශිල්පියා හෝ ශිල්පිනිය ද ජේමී ස්මාට්ය බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

කුඩා වියේ සිටම ඡායාරූපකරණයට යොමු වී සිටින මේ හුරුබුහුටි දැරිය Eagle Eyed Girl නමින් ඇගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යන අතර, එහි ඇය විසින් ගනු ලැබූ වනජීවීන්ගේ ඡායාරූප සහ වීඩියෝපට රැසක් ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *