ෆාටා අල් සීසී තෙවැනි වරටත් ජනපති ධුරයට

0

ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි වී තිබෙනවා.

ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය.

ඊජිප්තු ජාතික මැතිවරණ අධිකාරියට අනුව, ෆාටා අල් සීසී සියයට 89.6 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ෆාටා අල් සීසී ඊජිප්තුවේ හිටපු හමුදාපති වරයා වන අතර ඔහු පළමුවෙන් බලයට පැමිණියේ හමුදා කුමන්ත්‍රණයකිනි.

ඊජිප්තුව යනු අරාබි ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රාජ්‍යයයි.

ඊජිප්තුව ද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ඊජිප්තු ආර්ථිකයට ඇති එකම ශක්තිය විදෙස් ආධාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *