ඉරාන ජනපති ශ්‍රී ලංකා සංචාරයට ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ විරෝධය

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විරෝධය පළ කර ඇත. එම විරෝධය කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතැයි වාර්තාවේ. ඉරාන ජනාධිපතිවරයා මෙම මස 24වැනිදා මත්තල ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ඉරාන ආරක්ෂක අංශවල නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට දිවයිනට පැමිණ ඇතැයි ද වාර්තාවේ.ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ඔත්තු සේවය සහ ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයද දැඩි අවධානයෙන් පසුවන බව ද වාර්තා වේ.